නත්තලේ රජ කතා | දිනමිණ

නත්තලේ රජ කතා

චම්පිකා දීපානි රණසිංහ

නත්තල් දිනට පැමිණෙන නත්තල් සීයා මෙන්ම බ්‍රිතාන්‍යයේ රජුගේ හෝ රැජිනගේ නත්තල් පණිවුඩයද ලෝ පුරා විසිර සිටින කිතුණු බැතිමතුන්ගේ සවනට කැරොල් ගීයක් මෙන් මිහිරිය. ඒ නත්තල් කතාව කෙරෙන්නේ ප්‍රධාන වශයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ජනතාව වෙනුවෙනි. හිරු නොබසින අධිරාජ්‍යයේ අධිරජුගේ / අධිරාජිනියගේ නත්තල් දින කතාවට ඇත්තේ නොනවතින දිගු ඉතිහාසයකි.

මුල්ම නත්තල් දින පණිවුඩය ලොවට ගෙන ආ බ්‍රිතාන්‍ය රජු ලෙස ඉතිහාසගත වන්නේ පස්වැනි ජෝර්ජ් රජු ය. රජුට කතාව ලියාදෙන ලද්දේ 'ජන්ගල් බුක්' නම් ලෝක පූජිත කෘතිය රචනා කළ රඩ්යාඩ් කිප්ලිං විසිනි. එම කතාවට වචන 251ක් අඩංගු වී තිබිණි. ලොව පුරා මිලියන 20ක පමණ ජනකායක් සන්ඩ්‍රිගම් සිට රජු කළ කතාවට සවන් දුන්හ. 'මගේ නිවෙසේ සිට හදවතින්ම ඔබ සැම අමතනවා. මහත්වරුනි, නෝනාවරුනි හිම කාන්තාර මුහුද වාතය සියල්ල පරයා නැඟෙන හඬ ...' ලෙසින් කතාව ඇරඹිණි. කතාව කිරීමේදී රජු කෙතරම් නොසන්සුන් වූවාද කිවහොත් බීබීසී නිෂ්පාදන සමාගමට ඔහුගේ අත්වෙව්ලා කියවන කොළවලින් නැඟෙන හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසීම වැළැක්වීමට ඝණ රෙද්දකින් ආවරණය කිරීමට සිදු විය. බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු තුනට කතාව ඇරැඹිණි.

බ්‍රිතාන්‍යයේ රජුගේ / රැජිනගේ කතාවක් නත්තලට විකාශය කිරීමේ යෝජනාව බීබීසී නිර්මාතෘ ශ්‍රීමත් ජෝන් රීත්ගේ (සර්ජෝන්) අදහසකි. පස්වැනි ජෝර්ජ් රජු නත්තලට කතාවක් කිරීමට සිදුවීම ගැන එතරම් සතුටින් සිටි බවක් පෙනෙන්නට නැත. ඔහු තෙවරක් නත්තල් කතාව කර ඇති අතර අවසන් කතාව සිදු කර ඇත්තේ මියයාමට මාසයකට පෙරදීය. (1936 ජනවාරි 20 වන දින ඔහු මිය ගියේය) ඔහු නිතරම පවසා ඇත්තේ නත්තල් දින කතාව නිසා තමන්ට නත්තලේ සතුට අහිමි වූ බවයි.

ජෝර්ජ් රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් බලයට පත් වු අටවැනි ජෝර්ජ් රජු 1936 දෙසැම්බර් 11 වැනි දින නත්තල් දින කතාව කළ අතර එම කතාවෙන් කියවුණේ නත්තලට සුබ පැතීමට වඩා සිහසුන හැර යාම ගැනය.

නත්තල් සුබ පැතුමේ කතාව සජීවීව ලෙස කෙරුණ ද හයවැනි ජෝර්ජ් රජුට 1951 දී එම සම්ප්‍රදාය වෙනස් කිරීමට සිදු විය. රජු රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා 1951 දින ලොවට රජුගේ නත්තල් දින පණිවුඩය විකාශය කෙරුණේ පටිගත කර පසුවයි.

දෙවැනි එළිසබෙත් රැජින 1952 සිට අඛණ්ඩවම නත්තල් පණිවුඩය ගෙන එන්නීය. ඇය නත්තල් පණිවුඩයක් නොගෙනාවේ 1969දී උදා වූ නත්තලේදී පමණයි. ඒ වසරේදී වාචිකව නැතත් ලිඛිතව නත්තල් පණිවුඩය ගෙන ආවාය. නත්තල් පණිවුඩය ගෙන ඒමේ වංශ කතාවේ දෙවැනි එළිසබෙත් රැජින ඇයට පෙර සිටි සියලු රජවරුන්ට වඩා ‍ඉදිරියෙන් සිටින්නීය. ඒ ඇය දිගුම කාලයක් නත්තල් පණිවුඩය ලොවට ගෙන එන්නීය නිසාය.

1957 දී දෙවැනි එළිසබෙත් රැජින රෑපවාහිනියෙන් සජීවී ලෙස නත්තල් දින පණිවුඩය ගෙන ඒමට එකඟ වූවා ය. 1959 වසරේ පැවැත්වූ නත්තල් දින පණිවුඩය රැජිනට සුවිශේෂී වන්නේ එම වසරේ ඇය ඇන්ඩෘ කුමරු කුස දරාගෙන සිටි බැවිනි. කුමරු බිහි කිරීමට ආසන්නව සිටි රැජිනගේ නත්තල් පණිවුඩය දෙසැම්බර් 25 වැනි දිනට පෙර හොර රහසේ පටිගත කෙරිණි. පණිවුඩය විකාශය කෙරෙන තුරුම එය රහසක් විය.

දෙවැනි එළිසබෙත් මහ රැජින නත්තල් දින පණිවුඩය ගෙන එන අන්දම වර්ණයෙන් පුංචි තිරයෙන් දක්නට ලැබුණේ 1967 දෙසැම්බර් 25 වැනිදාය. ලෝ පුරා විසිරී සිටින විශාල ප්‍රේක්ෂක පිරිසක් රැජිනගේ කතාවට සවන් දුන්හ. එහෙත් මේ ප්‍රවණතාවේ වෙනසක් 1992 සිට දක්නට ලැබුණි. වින්ඩ්සර් මාළිගාවේ ගින්න, චාල්ස් - ඩයනා, ඇන්ඩෘ - සාරා විවාහයන් බිඳ වැටීම වැනි කරුණු රජ පවුල කෙරෙහි තිබූ ජනතා මනාපය නොමනාපයක් වීමට හේතු විය.

ඩයනා කුමරිය සමඟ මතභේදයට ලක්වූ සාකච්ඡා පැවැත්වීම ‍බඳු කරුණු හේතුවෙන් නත්තල් පණිවුඩයේ මුල් හිමිකම් සමාගම වූ බීබීසි යට 1995දී එම ආධිපත්‍ය අහිමි විය. ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නිව්ස් ඉන් පසු එහි හිමිකරු විය.

නත්තල් පණිවුඩයට වැඩිම ප්‍රේක්ෂක හා ශ්‍රාවක පිරිසක් එක්වී ඇත්තේ 1980දීය. මිලියන 28ක ජනකායක් ඒ වසරේ ‍රැජිනගේ නත්තල් පණිවුඩය අසා දැක තිබේ.

රැජිනගේ කතාව බොහෝ විට කැමරාගත කෙරෙන්නේ බකිංහැම් මාළිගයේදීය. එහෙත් කලාතුරකින් වින්ඩ්සර් මාළිගාවේ ‍නෝෆෝක්හි සැන්ඩ්‍රිගම් නිවසේ නත්තල් පණිවුඩය රූගත කළ අවස්ථාද තිබේ. සෑම විටම නත්තලට පෙර රැජිනගේ නත්තල් පණිවුඩය පටිගත කෙරේ. එහෙත් එය හැම නත්තලකම විකාශය කෙරෙන්නේ නත්තල් දින බ්‍රිතාන්‍ය වේලාවෙන් ප.ව. 3.00ටය. අද ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යයෙන් පමණක් නොව ඔන්ලයින් හරහාද රැජිනගේ නත්තල් පණිවුඩයට සවන් දිය හැකිය.

2012 නත්තල් පණිවුඩය සුවිශේෂී වන්නේ එම වසරේ එළිසබත් රැජිනියගේ රිඳී ජුබිලිය යෙදී තිබීම නිසා පළමු වරට ත්‍රිමානව කතාව පටිගත කිරීම හේතුවෙනි.පාප් තුමාගේ නත්තල් පණිවුඩයට පමණක් දෙවැනි වන දෙවැනි එළිසබෙත් රැජිනගේ නත්තල් පණිවුඩය දශක ගණනක් ගෙවී ඇතත් අදට ද සුවිශේෂය.

අන්තර්ජාලයෙනි

අදහස් 2ක් ඇත

janathawa wenuwen kawada ho karanalada wiswa sewayata prthiprahara lese labana spirthurwal eke power eka lese( rajya balayak labanawayayi ) mama wiswasa karannemi !oba ewan rajiniyaki,

mata hithenne thama minissu hari modaya kiyaya,, lokaya widdyawen diyunu wuwath rataka awassya kumana balayakda kiyana eka harima wiwadamath ya ; lokayama elba gath nasthiyakata huru wi atha, eya kawadaweth lokayen thuran nokala hakiya , me kisiwak thulin samaja yata sidu wi athi swa rajya kramayaka prathipala mama nodakimi, namuth yam kisi sankethayak ratakata awassyaya bawada danenea! eya mama dakinne yamkisi guptha bala wegayakin apawa bada dama athi bawaya;

නව අදහස දක්වන්න