සරසවිය සම්මාන උළෙල අද ‘ඇඩ්‍රස් නෑ’ රීගල්හිදී

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘සරසවිය’ සම්මාන උළෙල 2016’ පුර්වගාමීව පැවැත්වෙන චිත්‍රපට සතියේ සිව්වැනි දිනය වන අද (08) වැනිදා සවස 7.00 ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙන්නේ ජැක්සන් ඇන්තනී රංගධර අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයයි.

අද ප්‍රධාන ආරාධිත ලෙස එක්වන්නේ ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතායි විශේෂ ආරාධිත ලෙස සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම සරසවිය සම්මානයකින් පිදුම් ලද කලා ශිල්පිනී සෝභනී අමරසිංහයි.

‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට රංගනයෙන් ජැක්සන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, සබිතා පෙරේරා, හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවක, අකිල ධනුද්දර සහ මහේන්ද්‍ර පෙරේරා යන රංගන ශිල්පීන් දායක වී ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...