වෛද්‍ය වර්ජනයට මුහුණ දෙන්න සූදානම් | දිනමිණ

වෛද්‍ය වර්ජනයට මුහුණ දෙන්න සූදානම්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අය වැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද (30) රෝහල්වල දියත් කිරීමට යන වෛද්‍ය වැඩ වර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (30) ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ පූර්ව සාකච්ඡාවක් නොපැවැත්වුණ බවත් අමාත්‍ය ‍දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. එවැනි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම‍ය ඊයේ (29) දහවල් තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත යුතු බවත්, ඉන්පසු විසඳුම් සෙවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (29) පස්වරුවේ පැවැති පලස්තීන ජනතා අන්තර්ජාතික සහයෝගිතා දින උත්සවයෙන් පසු මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (30) අය වැය යෝජනාවලට විරුද්ධව රෝහල්වල වැඩ වර්ජන දියත් කිරීමට කටයුතු යොදා ඇත. එම වැඩ වර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

නව අදහස දක්වන්න