දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහලට | දිනමිණ

දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහලට

දුම්වැටියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක වන පරිදි රුපියල් 07කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ‍මේ බව පැවසීය.

මේ අතර සං‍ශෝධිත වැට් බදු කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා එම හමුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර එහිදී වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව එහි දෙවන වර කියවීම දින 07කට පසුව සිදුකිරීමට නියමිතය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය  ලබන 26 වැනිදා පැවැත්වෙන අතර  ඉන්පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

එහිදී එම කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික  අනුමැතිය හිමි වුණි.

අදහස් 1ක් ඇත

rupiyal 100kin vath sigarat ekek vadikaranna one rupiyal 50k unanam sigarat beema adukarai

නව අදහස දක්වන්න