බොරු ගෙතුවාට පවුලේ තවත් 3ක් රිමාන්ඩ් | දිනමිණ

බොරු ගෙතුවාට පවුලේ තවත් 3ක් රිමාන්ඩ්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් පොලීසිය නොමඟ යැවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ තරුණයා සහ සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නගේ නියෝගයකට අනුවයිත

සැකකරුවන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අදාළ තරුණයා පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

තරුණයා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය අසත්‍යය තොරතුරු ලබාදීමේ චෝදනාව මත ඊයේ පස්වරුවේ තරුණයාගේ සහෝදරියක් සහ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අනතුරුව ඊයේ රාත්‍රී තවත් සහෝදරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සියලුදෙනා අද හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

 

නව අදහස දක්වන්න