කැන්ගරු යන්න ගිය 17ක් අත්අඩංගුවට | දිනමිණ

කැන්ගරු යන්න ගිය 17ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් තිබු බහුදින ධිවර යාත්‍රාවක් සමග 17 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද අළුයම නැගෙනහිර මුහුදේදි අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්විය.

අත්අඩංගුවට පත් 17 දෙනා අතරින් පස්දෙනෙකු යාත්‍රාවේ කාර්යය මණ්ඩලය බවත් වාලච්චේන ප්‍රදේශයෙන් මෙම යාත්‍රාව පිටත්වි ඇති බවටත් නාවික හමුදාව සැකකරයි.

මෙම පිරිස ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා විධාන මූලස්ථානයට රැගෙනවිත් වැඩිදුර පරික්ෂණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිතය.

දැනට ගැඹුරු මුහුදේ සිට ගොඩ බිමට රැගෙන ඒමෙන් පසු මෙම භාරදිම සිදුකිරිමට නියමිතයි.

(ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...