අමෙරිකාවෙන් බෝයිංජෙට් 100ක් වියට්නාමයට | දිනමිණ

අමෙරිකාවෙන් බෝයිංජෙට් 100ක් වියට්නාමයට

හැනෝයි ඒ.එෆ්.පී.

වියට්නාමයේ වියට් ජෙට් ගුවන්සේවාව ඩොලර් බිලියන11.3ක් වටිනා බෝයිං යානා 100ක් අමෙරිකාවෙන් මිලදී ගැනීමට අදාල ගිවිසුමකට අත්සන් තැබුවේය. කොමියුනිස්ට් පාලනයක් පවතින වියට්නාමයේ සංචාරයක යෙදී සිටිනඅමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා වියට්නාම ජනාධිපති ට්‍රෑන් ඩායි කුවැන්ග් ඉදිරියේදි සමාගම් දෙකේ නියෝජිතවරු මේ ගිවසුමට අත්සන් තැබූහ. වියට්නාමය ගුවන් යානා විශාලම ප්‍රමාණයක් වියට්නාමය එකවර මිලදී ගන්නා ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තාවේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරයේදී දෙරට අතර ඩොලර් බිලියන 16ක වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබුණි.මේ ගිවිසුම් අනුව අමෙරිකාවේ 60,000කට පමණ රැකියා අවස්ථා හිමිවනු ඇති බවද

අඩුමිලට මගී ප්‍රවාහනයේ යෙදීම සම්බන්ධයෙන් වියට් ජෙට් ගුවන් සේවාව ප්‍රසිද්ධියක් උසුලයි.මධ්‍යම පාන්තිකයන් ගුවන් ගමන් වල යෙදීමට ඇති කැමැත්ත වර්ධනය වීමත් සමඟ අග්නිදිග ආසියාවේ ගුවන් ගමන් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී.මේ අනුව වර්ෂ 2020වන විට ප්‍රදේශයටල ගුවන්යානා 3750ක් පමණ විකිණීමේ අවස්ථාව පවතින බවද බෝයිං සමාගම පවසයි. 

නව අදහස දක්වන්න