තෛපොංගල් දිනය සමරා වැඩිහිටි නිවාසයකට හමුදාවෙන් දිවා ආහාර | දිනමිණ

තෛපොංගල් දිනය සමරා වැඩිහිටි නිවාසයකට හමුදාවෙන් දිවා ආහාර

තෛපොංගල් දිනය වෙනුවෙන් කිළිනොච්චිය මලයාලපුරම් එස්.කේ. වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා දිවා ආහාරය හා ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් කිළිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කොට තිබිණි. කිළිනොච්චිය ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මේ වැටසටහනේ හා කිළිනොච්චිය මුරුකන්ඩි කෝවිලේ පැවති තෛපොංගල් උත්සවයේද විශේෂ ආරාධිතයා ලෙස සහභාගි විය.

මේ උත්සව අවස්ථාව සඳහා 57 සේනාංකාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු, සෙසු නිලධරයෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද එක්වූහ.

ඡායාරූප- @වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න