කත්‍රිනාගේ හාදු වැස්ස | දිනමිණ

කත්‍රිනාගේ හාදු වැස්ස

කත්‍රිනා කායිෆ්ට 2016 වසරේ වැලන්ටයින් දිනය මෙවර සොඳුරු වසන්තයක් වෙන්නේ නෑ. ඒ ඇයගේ අලුත්ම සිනමා පටය “ෆිතූර්” තිරගත වීමට ඇත්තේ පෙබරවාරි 12 වැනිදා නිසයි. “ෆිතූර්” චාල්ස් ඩිකන්ස් ගේ “ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්” ඇසුරින් නිර්මාණය වූවක්. කත්‍රිනා හා රන්බීර්ගේ වසර ගණනාවක ප්‍රේමය දෙදරා ගොස් ඇති බවට කට කතා පැතිර තිබුණ ද, එය සත්‍යයක් නොවන බවට සාක්ෂියක් කත්‍රිනා - රන්බීර් යුවළ ඉතිරි කර තිබෙනවා.

මෑතකදී දෙදෙනා නිවෙ‍සේ බැල්කනියට විත් ආදරණීය හාදු මාලාවක් හුවමාරු කරගෙන තිබෙනවා. එය “මූම්බායි මිරර්” ඡායාරූප ශිල්පියකුගේ උකුසු ඇසට සැඟවීමට හැකිවී නෑ. ෆිතූර් සිනමා පටයේ කත්‍රිනා ප්‍රධාන නළුවා වන ආදිත්‍ය රෝයි කපූර් සමඟ මේ ආකාරයෙන්ම ප්‍රේමණීය දසුනක් මවා තිබෙනවා.

මේ අතර, අලියා බාත් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා ද කත්‍රිනා සහ රන්බීර් යන මඟ තෝරා ගෙන ඇති බවට රාවයක් පවතිනවා. දෙදෙනාම රංගනයේ අත්පොත තැබුවේ “ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්” සිනමා පටයෙන්. දෙදෙනා එකගෙයි ජීවත් වන බවට පැතිර යන කතාව , මේදෙදෙනාම ස්ථිර කර හෝ ප්‍රතික්ෂේප කර නෑ.

අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ


නව අදහස දක්වන්න