‘චමල් ඡන්දයට එනවා’ | දිනමිණ

‘චමල් ඡන්දයට එනවා’

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට නැවත තරග කිරීමට තීරණය කළ බව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පැවසීය. චමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට තරග නොකොට දේශපාලනයෙන් සමු ගන්නා බව පසුගිය දිනවල වාර්තා විය.

එහෙත් පෙරේදා (7) චමල් රාජපක්ෂ මහතාගේ නිවසේ දී පැවැති තිස්සමහාරාම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීමේදී චමල් රාජපක්ෂ මහතාට නැවත තරග කරන ලෙස පාක්ෂිකයන් විසින් කරන ලද දැඩි ඉල්ලීමට එකග වෙමින් නැවත තරග කිරීමට චමල් රාජපක්ෂ මහතා මෙසේ තීරණය කළ බව අජිත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ, දකුණු පළාත් ධීවර ඇමැති ඩි වි උපුල් යන මහත්වරුන්ද පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද මෙම රැස්වීමට සහභාගිවී ඇතත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා සහ හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය මෙම රැස්වීමට සහභාගි වී නැතැයි ද වාර්තාවේ.


නව අදහස දක්වන්න