මත් නිවාරණ මාසය අද සිට ඇරැඹේ | දිනමිණ

මත් නිවාරණ මාසය අද සිට ඇරැඹේ

සිතාරා සේනානි

 ජා-ඇළ නගර සභා ක්‍රීඩාංගණයේ දී අද(9) පෙරවරු 10ට පැවැත්වෙන මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේ සමාරම්භක ජාතික උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කරන පණිවුඩය සහ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ දේශනයකට සවන්දීමට දිව‍යිනේ සියලු පාසල් දරුවන්ට අවස්ථාව සලසා දීමට කටයුතු සූදානම් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවුඩය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන්නකි.


නව අදහස දක්වන්න