කුරුටු ගී කුරුටු ගෑ දියණිය බලන්න මව සිරගෙට යයි

තම දියණියට ජනාධිපති සමාව ලබා දී තිබුණ ද මෙතෙක් ඇය නිදහස් නොකිරීම පිළිබඳ බලවත් කනගාටුවෙන් පසුවන්නේ යැයි සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින තරුණියගේ මව වන එස්. තවමනී ප්‍රකාශ කළාය.

විස්තර»


වෙසක් සතියේ සුරා සල් වැසේ

වෙසක් සතියට සමගාමීව මේ මස 30 වැනි දින සිට මැයි මස 7 වැනි දින දක්වා මත්පැන් නිවාරන සතියක් සුරාබදු දෙපාර්තුමේන්තුව මඟින් ක්‍රියාවට නංවා ඇත. අදාළ කාලසීමාව තුළ මත්පැන් බලපත්‍ර ස්ථාන පරික්ෂාවට ලක් කිරීම හා නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රුහැනට කොටු කැර ගැනීම සදහා විශේෂ සුරාබදු නිලධාරීක් යොදවා ඇතැයි සුරාබදු කොමසාරිස් ‍ජෙනරාල් එල්.කේ.ජී .ගුණවර්ධන මහතා පවසයි.

විස්තර»


මහ වැස්සෙන් කොළඹ යට වෙයි

මහජනතාවට පීඩා

ගස් කඩාවැටිලා | වාහන කීපයකටහානි
විදුලිය ඇණ හිටී | ගමනා ගමනයට භාධා

කොළඹ නගරයට ඊයේ (24) රාත්‍රී ඇදවැටුණු මහ වැසි හේතුවෙන් ස්ථාන රැසක් ජලයෙන් යටවී මහජනතාව ඉමහත් අපහසුතාවයට පත්වූහ.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අධිකරණ නියෝග කැඩූ මන්ත්‍රීවරුන් ඇතුළු 28 කට නොතිසි

අධිකරණය මඟින් තහනම් නියෝග නිකුත් කැර තිබියදී එය නොතකා අධිකරණයට අපහාස වන අන්දමින්, මහජන සාමය හා ආරක්ෂාව කඩකර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකුට හා විවිධ දේශපාලන සංවිධාන, ජාතික සංවිධාන, සිවිල් සංවිධානවල භික්ෂුන්වහන්සේ, පළාත්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු 28කට ලබන 8 දින අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊ‍ෙය් (24) නොතිසි නිකුත් කෙළේය. පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, . . .

විස්තර»

හෙල්පින් හම්බන්තොට යළි කරළියට

අල්ලස් කොමිසමට රන්ජන්ගෙන් පැමිණිලි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2004 අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී සුනාමි ආධාර වශයෙන් ලැබුණු රුපියල් මිලියන 82 මුදලක් ඒ මහතාගේ පෞද්ගලික ගිණුමකට දමාගෙන බරපතළ මූල්‍ය වංචාවක් සිදු කැර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙසද ඉල්ලා නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (24) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කැර තිබේ. මෙම මූල්‍ය වංචාව. . . .

විස්තර»

 රාජ්‍ය මුදල් කෝටි ගණනින් වංචා කළ

මූල්‍ය අපරාධ පැමිණිලි 52න් 26ක පරීක්ෂණ අවසන්

රාජ්‍ය මුදල් රුපියල් කෝටි ගණනින් වංචා කළ මහා පරිමාණ මූල්‍ය අපරාධ පැමිණිලි 52ක් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති අතර ඉන් පැමිණිලි 26ක පරීක්ෂණ අවසන් කැර තිබේ. පරීක්ෂණ අවසන් වූ පැමිණිලිවලට අදාළ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කැර ඇති මූල්‍ය අපරාධ කොට්ඨාශය ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණයේ අවසරය ඉල්ලා තිබේ. මේවාට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් අධිකරණ අවසරය මත වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරනු ඇත.

විස්තර»


 

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශවල සිදුව ඇති අක්‍රමිකතාවන් පිළිබඳ වාර්තාව ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ධර්මසේන දිසානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන් අයුරු. ඇමැති නවීන් දිසානායක මහතා ද මෙහි වෙයි.

ගෝඨාගේ උද්ඝෝෂණය

වැරැදි ජාතික කොඩියක් ගෙනාවාට ඩලස් සමාව ඉල්ලයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයේ දී සුළු ජාතිකයන් නිරූපණය වන තීරු රහිත සිංහ ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ ‍ෙකළේය. එය බරපතළ වරදක් යැයි පිළිගන්නා බව කී‍ අලහප්පෙරුම මහතා එම සිද්ධිය නිසා . . .

විස්තර»

සල්ලි ගත්ත අම්මාට දරුවා අමතක වෙලා

කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි අත දරුවකු තම මවට අමතකව යෑමේ පුවතක් කොළබිස්ස සමෘද්ධි බැංකුව අසලින් දැකගත හැකිවිය. කොළබිස්ස නවනැලිය සමෘද්ධි බැංකුවේ එහි ප්‍රතිලාභීන් මේ දිනවල ‍තම සහනාධාර ලබාගනිමින් සිටියි. සිය ගණනක් ගනුදෙනුකරුවන් සමෘද්ධි බැංකුවෙන් පොර කකා සල්ලි ගනිති. මෙසේ මුදල් ලබාගත් හැමෝම 23 වැනි දින දහවල් වනවිට පිටත් වූහ. අවසානයේ එක් කුඩා දරුවකු තනිව ගේට්ටුව ළඟ ඉකිගසමින් සිටියේය. මොහු අවුරුදු හතරක පමණ කුඩා දරුවෙකි.

විස්තර»

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශවල සිදුව ඇති අක්‍රමිකතාවන් පිළිබඳ වාර්තාව අගමැති අතට

පසුගිය රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ජනාධිපතිවරණයටත් - ඌව ඡන්දෙටත් දීලා

අගමැති රනිල් වික්‍රමසිංහ

පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා සෙවීම කිසිසේත් නවත්වන්නේ නැහැ

පසුගිය රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා ලෙස ඌව පළාත් සභා මැතිවරණයටත් ජනාධිපතිවරණයට යෙදවීමත් ක්‍රිකට් තරග විකාශය අයථා ලෙස ලබාදීම ඇතුළු අක්‍රමිකතා විශාල ලෙස සිදුවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

විස්තර»

ඌව පළාත් සභා ඡන්දයට මිලියන 300ක් යොදවලා

පොරොන්දු වූ පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න

අක්මීමන ප්‍රා. සභාපතිට ධුරය නැති වෙයි

හැටන් - සිංගිමලේ උමං මඟ අසලට නුග ගසක් කඩා වැටිලා

රට නැවත ජාතිවාදයට තල්ලු කරන ගෝඨාභයට දහස්වරක් විරුද්ධයි

මුඛ පෝලියෝ මාත්‍රාවට අමතරව එන්නතක්


 

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ දිවයිනේ පළාත් 9යම නියෝජනය කරන රදගුරුතුමන්ලා ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවයි මේ.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

ඇඟට දැනෙන වෙනස කුමක් ද?

පොඩි මිනිසුන්ගේ ලෝකයේ මහ බලවතා

පුතෙක් මවගේ බැංකු ගිණුමෙන් ලක්ෂ අටක් හොරෙන් අරන්

තහනම් උත්තේජන පරීක්ෂණ නැති තුරඟ තරග තහනම් කරන්න

වැරදුණු ප්‍රහාරයෙන් තමන්ගේ ම සේවකයන් බිලිගත්තැයි ඔබාමා තැවේ

කවි මඩුව

 ජාතිය අමතමින් ජනපතිඳු අතිගරු
මැනැවින් පැවසිය දහනවයේ තොරතුරු
ශ්‍රීලනිපය සූදානම් ලු නිරතුරු
විසිඅට පහව යනු ඇත අපල උවදුරු

--------------- නිලමේ

දිනමිණ අතිරේක