19ට එරෙහිව හෙළ උරුමය
උසාවි යයි

පෙත්සම් 18ම අද සලකා බලයි

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත්කර ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (31) පෙත්සමක් ඉදිරිපත් කෙළේය. ජාතික හෙළඋරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමයෙහි දැක්වෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ . . .

විස්තර»


හෙරොයින් ජාවාරමට වෙලේ සුදා ‘ඊසිකෑෂ්’ ක්‍රමය භාවිත කළේ ද?

පරීක්ෂණ අරඹා ඇති බව මහේස්ත්‍රාත්ට කියයි

අධි චෝදනා ලැබ සිටින සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ හා ඔහුගේ මස්සිනා ‘ඊසිකෑෂ්’ ගනුදෙනු කළේ කා සමඟද? ඊසිකෑෂ් ක්‍රමය මඟින් හෙරොයින් ජාවාරමේ මුදල් ගනුදෙනු කළේ ද? යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

රවිරාජ් ඝාතනයට නාවික හමුදාවේ 3ක් අත්අඩංගුවට

2006 වසරේදී තරුණයන් දස දෙනකු පැහැරගෙන ‍යාම, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නඩරාජා රවිරාජ් මහතා සහ පොලිස් නිලධාරියකු ඝාතනය කෙළේ යැයි නාවික හමුදාවේ තිදෙනකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 2006 නොවැම්බර් මස 10 වැනිදා නාරාහේන්පිට සිට බොරැල්ල හරහා ගමන් කරමින් සිටියදී රවිරාජ් නඩරාජා මහතා රැගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් නඩරාජා මහතා සහ පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්විය.

විස්තර»

හෙද පරිපූරක අතුරු වෛද්‍ය පත්වීම් 3000ක් ජනපති අතින්

නිරෝගිමත් පරපුරක් බිහි කිරීමේ අරමුණින් ගුණාත්මක සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල තුන්දහසකට ආසන්න නව පත්විම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අරලිය ගහ මන්දි‍රයේදි ඊයේ (31) ප්‍රධානය කෙරිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්ද සිදු වූ මේ පත්විම් ප්‍රධානයේදි හෙද සේවාව ,වෛද්‍ය රසායනාගාර කාර්මික සේවාව,ඖෂධවේදි ,භෞතක චිකිත්සක,විකිරණ ශිල්පි,ආහාර නිරික්ෂක,රසායනාගාර සේවක, . . .

විස්තර»


අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමය ඊයේ (31) නුගේගොඩ විජේරාම හන්දියේ සිට කොල්ලුපිටිය මංසන්දිය දක්වා විරෝධතා පා ගමනක් දියත් කළ අතර මෙම සරසවි සිසු සිසුවියන් අරලියගහ මන්දිරය දෙසට යෑමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් එම ගමන වැළැක් වූ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා හා සිසු සිසුවියන් සී සී කඩ දිවගිය අයුරු.

ඡායාරූපය - රුක්මාල් ගමගේ

විස්තර»

හෙජින් ගිවිසුම ගැන පී.බී. ගෙන් ප්‍රකාශයක් ගනී

මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුවේ පාලන කාලයේදී හෙජින් සමාගම සමඟ අත්සන් කරන ලද ගිවිසුමෙන් මෙරටට ඩොලර් මිලියන දෙසීයකට අධික මුදලක් වංචා කෙළේ යැයි හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (31) ප්‍රශ්න කළේය. ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම ගනුදෙනුවේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇත.

විස්තර»

සජින් වාස්ට රට ගමන් තහනම්

ඇප මත මුදා හරී

වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබීමේ වරදක් කිරීමේ චෝදනාවට අධිකරණයේ පෙනී සිටි හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තහනම් කර ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නඩු විභාගය සැප්තැම්බර් 01 දිනට නියම කෙළේය. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විස්තර»

අල්ලස් කොමිසම ජොන්ස්ටන්ගෙන් යළි ප්‍රශ්න කරයි

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව දෙවැනි වරටත් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම ඊයේ (31) සිදු කෙරුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අයථා අන්දමින් මුදල් උපයන ලදැයි දූෂණ විරෝධී සංවිධානය මඟින් ඒ මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

විස්තර»

මනෝජ් මෙන්ඩිස් ඝාතනයට පොඩි ලැසී රිමාන්ඩ්

හිටපු ජනපතිට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

නැඟෙනහිර නියෝජ්‍ය සභාපති විශ්වාසභංගයෙන් පරාදයි

බස්නාහිර මගී ප්‍රවාහන අධිකාරි සේවකයෝ වර්ජනයක

හෙට්ටිපොළදී ත්‍රිරෝද-බස් ගැටී 3ක් මරුට

ලලිත් වීරතුංගට නොතිසි දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදී භෞත චිකිත්සකවරියක් ලෙස චාමිකා ලක්ෂානි ද සිල්වා මෙනෙවිය පුහුණු වීම සඳහා වන සහතික පත ජනාධිපතිතුමාගේ අතින් ලබාගන්නා අයුරු. ඡායාරූපය - මහින්ද විතානාච්චි

මඩ සෝදාගත් ගොවියා අමෙරිකාවට කතා කරයි

ක්‍රීඩා රෙගුලාසි අවුලට අපි අත දාන්නේ නෑ

කවි මඩුව

නව වසරේ නව රජයට ජනතා වරමක් ලැබීම
පදනම් කර වැඩ සියයේ කටයුතු ඉහළින් තැබීම
සිදු කළ යුතු නමුත් පෙනේ ගිනි මැලයට ගිනි පිඹීම
නුසුදුසු වෙයි කිසි වි‍ටෙකත් කපන්ට බැරි අත සිඹීම

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක