ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි

ජාතික ඖෂධ නියාමන පනත් කෙටුම්පත (ඖෂධ පනත) වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදි ඊයේ (06) සම්මත විය. ඡන්දය විමසිමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ පෙරටුගාමි පක්ෂයේ අජිත් කුමාර යන මන්ත්‍රිවරුන් සංශෝධන ඉදිරිපත් කළ නමුත් නියමිත වේලාව තුළ සංශෝධන ඉදිරිපත් කැර නොතිබීම හේතුවෙන් එම සංශෝධන පනතට ඇතුළත් කිරීම සිදු නොවීය.

විස්තර»


එජාපයෙන් නෙරපීමට එරෙහිව තිස්සගෙන් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන - ජනජය 2 මේ මස 15 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවලදී උදේ 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන ජනජය 2 ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

විස්තර»

 


පෝට් සිටි අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

කොළඹ වරාය නගර සංවර්ධන (පෝට් සිටි) ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (06) රිට් පෙත්සමක් ගොනුකරන ලදී.

විස්තර»

 


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ගෝඨාභයගේ නියෝගයෙන් දුම්රියේ ඉඩම් හිතවතුන්ට දීලා

කාල්ටන් සමාගමත් ඒ අතර

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වරයාගේ නියෝගය මත නාගරික සංවර්ධන කොමසාරිස්වරයා විසින් පවරාගෙන පසුව පෞද්ගලික හිතවතුනට ලබාදෙමින් රුපියල් කෝටි ගණනින්...

විස්තර»

ඇමැති රිෂාද්ගේ වත්කම් සොයන්නැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුදීන් මහතාෙග් වත්කම් පිළිබඳ ෙසායන්නැයි මන්නාරම ප්‍රදේශ වාසියකු ඊයේ (6) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇත.

විස්තර»

ඕනෑම පරීක්ෂණයකට සූදානම්: ප්‍රතිඵල ජනතාවට කියන්න

ඇමැති රිෂාද් බදියුදීන්

මේ පිළිබඳ අදහස් දක්වන රිෂාද් බදියුදීන් ඇමැතිවරයා තමාට එරෙහිව ඊයේ (6) අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවේ ඉදිරිපත් කළ පැමිණිල්ල ඉතා ඉක්මනින් පරීක්ෂණයට භාජනය කැර එහි ප්‍රතිඵල රටේ ජනතාව හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටී.

විස්තර»

පොදු රද මඩුලු සැමරුමට ජනපති මෛත්‍රී එංගලන්තයට

බ්‍රිතාන්‍ය මහ රැජනගේ ප්‍රධානත්වයෙන් මාර්තු 09 වනදා එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගිවීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) පෙරවරුවේ එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.

විස්තර»

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් කෝටි 2300ක් ඇප නැතිව දීලා

ඇමැති රවී මැතිසබයේ දී කියයි

ජනාධිපතිවරණයට පෙර ප්‍රාදේශීය සංවර්ධන බැංකු මඟින් රුපියල් කෝටි 2300 ක් ඇපකර නොමැතිව ණය වශයෙන් ලබා දී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

විස්තර»

ජොනීගෙන් හා රෙජිනොල්ඩ්ගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හිටපු අැමැති ෙරජිෙනාල්ඩ් කුෙර් මහත්වරුන් අල්ලස් කොමිසම වෙත කැඳවා ඊයේ (6) ඔවුන්ගෙන් වත්කම් පිළිබඳ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

විස්තර»

යෝෂිත යළි නාවික හමුදා මූලස්ථානයට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මාර්තු මස 9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා මූලස්ථානයට මාරු කැර ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

විස්තර»

ශ්‍රීලනිප තහනම කඩමින් දිලුම් අමුණුගම මහනුවර රැලියට

පක්ෂ කිහිපයක එකතුවෙන් මහනුවර දී ඊ‍යේ (06) දිනූ නිදහස අනතුරේ මහින්ද සමඟ රට පෙරට..

විස්තර»

විභාගය වංචාකරුවෝ තවම නිදැල්ලේ

දුම්මලසූරිය පොලිසියේ දෙදෙ‍නකුගේ වැඩ තහනම්

රහස් පොලිසියේ ස්ථානාධිපතිට නොතීසි

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා පරීක්ෂා කරයි

මෝදි 13 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි

‘බැංකු සේවාවල පහසුකම් පෙරට වඩා වැඩි කරනවා’

කාන්තා අයිතිවාසිකම්වලට මුල් තැන දෙමු

කාන්තාවට නිසි සමාජ ගෞරවය ලබා දෙමු

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අනුරපුරදී

රන්නේ දී ඇල්ලූ තරුණයා ළඟ හෙරොයින් ග්‍රෑම් 4 ක්

අලුත් අවුරුද්දට පෙර අනුරපුරයේ සෑම ගමකට ම විදුලිය

ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක ක්‍රිස් නෝනිස්

ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න යුරෝපා සංගමයෙන් ලක්ෂ 360ක්

ඉන්දීය විදේශ ඇමැතිනිය ඇවිත්...


ඉන්දියා විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියාය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඇය පිළිගනු ලැබූ අයුරු. නියෝජ්‍ය විදේශ ඇමැති අජිත් පෙරේරා මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
ඡායාරූපය- කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

පරණ වයින් නොවන අලුත් ක්‍රමයක් ඕනෑ!

මාලේ කලබල බෝවේ..!

කළුතර ආර්ථික දුෂ්කරතා ඇති දහම් ගුරුවරුන්ට නිවාස

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව හෙට තීරණාත්මක ගැටුමක

දකුණු කොරියාවේ අමෙරිකා තානාපතිට පිහි පහරක්

කවි මඩුව

දුම්රිය හරස් මඟ නැති තැන ගේට්ටුව
අනතුරු සිදුවෙලා පිරෙනවා වාට්ටුව
එතැනට හරස් පොලු නොකොළොත් පුට්ටුව
නිමාවක් නොවෙයි ජීවිත මාට්ටුව

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක