චෝගම් සමුළුවට ගත් අධි සුඛෝපභෝගී බස් 2ක් නාමල් - සජින් වාස් ළඟ

පසුගිය 2013 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ලබාගත් අධි සුඛෝපභෝගී බස්රථ දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කැර ඇත.

විස්තර»


අමිර්ගේ තරග තහනම කලින්ම අවසන්

තරග පාවාදීම සම්බන්ධයෙන් පස් වසරක තරග තහනමකට ලක්ව සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමිර් ට කළින්ම යළි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට අවසර ලැබී තිබේ.

විස්තර»


 

නරේන්ගේ ස්ථානය මිලර්ට

බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රබලතම දඟපන්දු යවන්නා වන සුනිල් නරේන් ලබන මස ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට සහභාගී නොවීම හේතුවෙන් එම ස්ථානයට වමත් දඟ පන්දු යවන්නකු වන කිනිටා මිලර් කැඳවා තිබේ.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අගවිනිසුරු ධුරය දිගටම දුන්නොත් ආණ්ඩුවට පක්ෂව තීන්දු දෙන්නම්

මොහාන් පීරිස් කී බව අගමැති මැතිසබේදී කියයි

අරලියගහ මන්දිරයට පසුගිය ජනවාරි 19 වැනිදා සාකච්ඡාවකට පැමිණි මොහාන් පීරිස් මහතා අප්‍රේල් මාසය වනතුරු තමාට සේවය කිරීමට අවස්ථාව ලබා දුන්නොත් ආණ්ඩුවට එරෙහිව කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවට ප්‍රකාශ කෙළේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විස්තර»

නව අගවිනිසුරු දිවුරුම් දෙයි

අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

විස්තර»

පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන චෝදනා-විවේචනවලට පිළිතුරු දෙන්න පුවත්පත් භාවිතා කරන්න එපා

ජනමාධ්‍ය ඇමැති

පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙන ‍චෝදනා හා විවේචනවලට පිළිතුරු දීමට පුවත්පත් භාවිතා නොකරන ලෙස ජනමාධ්‍ය ඇමැති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කළේය. ඊට පිළිතුරු දීමට පාර්ලිමේන්තුවේදී විෂය භාර ඇමැතිවරයා ලෙස තමා සිටින බව තරයේ මතක තබා ගන්නැයිද ඇමැතිවරයා අනාවරණය කෙළේය.

විස්තර»

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය වංචාවට

සරණට නොතිසි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් ආණ්ඩුවට පාඩුවිය හැකි බව දැන දැනම ස්වකීය ධුරය භාවිත කරමින් ලොතරැයි මණ්ඩලයට කුලී පදනම යටතේ හිතවතුන්ගේ වාහන යොදා ගනිමින්...

විස්තර»

වත්තල ප්‍රා. සභාවේ ගුටි බැට හුවමාරුවක්

සභාපති සමඟ 3ක් රෝහලේ

වත්තල ප්‍රාදේශීය සභාවේ ඊයේ (30) සිදු වූ ගුටි බැට ඇන ගැනීමකින් එහි සභාපතිවරයා ඇතුළු තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කැර තිබේ. ඇමැති ජෝන් අමරතුංග මහතා පිළිගැනීම සඳහා ඊයේ උදේ එම ප්‍රාදේශීය සභාවේ උත්සවයක් සංවිධාන කැර තිබිණි.

විස්තර»

අය-වැය වැටුප් වැඩිවීම් පෞද්ගලික අංශයටත්

ජවිපෙ ආණ්ඩුවෙන් ඉල්ලයි

මෙවර අය වැය යථාර්ථවත් කරමින් පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීම පනතක් ලෙස නීතිගත කිරීමට පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කැර තිබේ.

විස්තර»

ත්‍රිරෝද-පාසල් වෑන් ගාස්තු පළමුවැනිදා සිට අඩු කරනවා

අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති

පෙබරවාරි පළමුවැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තුව සියයට දහයකින් හා පාසල් වෑන් රථ ගාස්තුව සියයට පහකින් අඩු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

විස්තර»

මොහාන් පීරිස් ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි

නව රජයේ ක්‍රියා පිළිවෙත බෙහෙවින් අගය කරනවා

රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණ වෙළඳ පොළෙන් ඉවතට

අදහස් පළ කිරීමට මේ අවස්ථාව නොවේ

නීති විද්‍යාල අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්

නිදහසේ පෑන හැසිරවිය හැකි නව මාධ්‍ය සංස්කෘතියක් ඇති කරනවා

මොහාන් පීරිස් ඉවත් කිරීම ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍යයට හානියක්

මුලතිව් ප්‍රාදේශීය සභා 2ක මැතිවරණය පෙබරවාරි 28දා

2014 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු

නව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (30) ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මුද්‍රණය වෙමින් තිබෙන පුවත්පතක් ඇමැතිවරයාගේ පරීක්ෂාවට ලක්වූ අයුරු. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද මෙහි වෙයි.
ඡායාරූපය - සමන්ත වීරසිරි

 

අතුරු අයවැය සරලයි; සුන්දරයි!

ජනපති ඔබාමාගේ භාරත දැක්ම

අතුරු අයවැය රටට කොහොමද?

අවිහිංසාවාදී විමුක්තිකාමියා මහත්මා ගාන්ධි

හිටපු නෙට්බෝල් නායිකාවෝ ඇමැති හමුවෙති

ශ්‍රී ලංකා-බංග්ලාදේශ 19න් පහළ තුන්දින තරගය ජය පරාජ නෑ

ලෝක කුසලාන ක්‍රිකට් තරග විනිශ්චයට ශ්‍රී ලාංකිකයෝ 6ක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර හිත හදා ගන්න ශ්‍රී ලංකාව සැරසෙයි

ආමි රොෂාන්ගේ ගෝල බාලයින් 2 ක් ‍බෝර දොළහේ තුවක්කුවක් සමඟ කොටු

සහන මල්ලේ විස්තර බලමු දිනමිණ දිගහැර

මහනුවර යුගයේ ඉපැරැණි රන් හෙප්පුවක් හමුවෙයි

යතුරු පැදිය කන්ටේනරයේ වැදී දෙමිතුරෝ එකට අවසන් ගමනේ

කවි මඩුව

ගැබිනි මවුන් ලද ‍සඳු සිකුරු යෝගයයි
විසි දාහක් තිලිණ කළ පළමු වාරයයි
ඉක්මන් කෙ‍රිය යුතු කල් දැමූ දීගයයි
දරු සම්පත්වලට මේ හොඳම කාලයයි

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක