එජාපයේ තව පලුවක් ගාල්ලෙන් ගැලවෙයි: ප්‍රා. සභා මන්ත්‍රීවරු 4 සන්ධානයට

ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා සහාය පළකරමින් ඊයේ (19) පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.

විස්තර»


හේරත්ට පළමු ටෙස්ට් තරගය අහිමියි

වමතින් දඟ පන්දු යවන රංගන හේරත් නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.

විස්තර»


රට හරි මඟකට ගෙනයන්න අපට උදව් කරන්න.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014-12-16-හලාවතදී

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

වරාය, මත්තල ගු‍වන් තොටුපොළ, තෙල් සංස්ථාව බලන්න යු.ඇන්. පී. මන්ත්‍රීවරු ගියේ ඒවා කීයකට විකුණන්න පුළුවන් දැයි තක්සේරු කරන්නයි

ත්‍රස්තවාදී සමයේ අපට දේශීය හා විදේශීය වශයෙන් නොයෙක් බලපෑම් ආවා

ඒවා ප්‍රතික්ෂේප කරන්න අපට හයියක්, ශක්තියක් තිබෙන්න ඕනෑ

ජනපති සේරුනුවර ජන හමුවේ දී කියයි

සමහරු ගියේ අපට කියන්නෙවත් නැතුව බවත් මේක මනුෂ්‍යකමට හොඳ නැති බවත් නායකයකුට ආත්ම විශ්වාසයක් තිබිය යුතු බවත්, එසේ නොමැතිව රටක් පාලනය කළ නොහැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කෙළේ එළැඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරිම උදෙසා ත්‍රිකුණාමලය, සේරුනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ඊයේ (19) එක් වෙමිනි.කාතන්කුඩි හා මඩකලපුවේ පැවැත්වෙන විජයග්‍රාහී ජන රැලියට සහභාගීවීමට නැ‍ඟෙනහිර පළාතට ගිය ජනාධිපතිතුමා සේරුනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

විස්තර»

ජනපති මහින්ද අද අම්පාර සහ අක්කරෙයිපත්තුවේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන විජයග්‍රාහී ජන රැලි දෙකක් අම්පාර සහ අක්කරෙයිපත්තුවේ දී අද (20) පැවැත්වේ.අද උදෑසන දහයට අම්පාර මහජන ක්‍රීඩාංගණයේ දී ජනතාව අමතන ජනාධිපතිතුමා සවස දෙකට අක්කරෙයිපත්තුව මහජන ක්‍රීඩාංගණයේ දී ජනතාව අමතයි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් රට පුරා පැවැත්වෙන ජනරැලි මා‍ලාවේ 10 වැනි සහ 11 වැනි ජනරැලි අම්පාර සහ අක්කරෙයිපත්තුව ජනරැලි වේ.

විස්තර»

ඊයේ කාතන්කුඩි හා මඩකළපුවේ පැවැත්වෙන විජයග්‍රාහී ජන රැලි සඳහා සහභාගි වීමට එම පළාතට ගිය ජනාධිපතිතුමාට සේරුනුවර ප්‍රදේශයේදී ද ඉහළ ජනතා ප්‍රතිචාරයක් හිමි විය. සේරුනුවර ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකට ද එක්වූ ජනාධිපතිතුමා එම ප්‍රදේශයේ සංචාරය කළ අතර සේරුනුවර මංසන්ධියට රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත ජනතාවක් ප්‍රීති ඝෝෂා නඟමින් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිතුමාව පිළිගත්හ.
ඡායාරූපය - සුදත් සිල්වා

2012 වසරේ දී ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ  සැපයුම්කරුට එරෙහිව නීතිමය පියවර

2012 වසරේ දී මෙරටට ගෙන්වන ලද නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව නීතිමය කටයුතු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සැපයුම්කරුවන් ලබා දුන් ව්‍යාජ සහතික රහස් පොලිසිය හරහා ජාත්‍යන්තර පොලිසිය වෙත මේ වන විට ලබාදී ඇති බවත්, ගල් අඟුරු පිළිබඳ තාක්ෂණ විගණනයක් කිරීමට ස්වාධීන ආයතනයක් පියවර ගෙන ඇති බව කී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. සී. සි. ප්‍රදිනාන්දු මහතා ජාත්‍යන්තර පොලිසියෙන් හා තාක්ෂණ විගණන වාර්තාව අනුව සැපයුම්කරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවද කිය.

විස්තර»

රඹෑව ගම්මාන රැසක එජාප සාමාජිකයෝ ශ්‍රීලනිපට එක් වෙති.

රඹෑව ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයේ ගම්මාන රැසක පාරම්පරික එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වෙති. මේ අනුව රඹෑව ප්‍රාදේශීය බල ප්‍රාදේශයේ දිවියා උඩබැන්දවැව, පීනගම, කෑදෑව, කල්ලංචිය, තඹලගොල්ලෑව, කෝණකුඹුවැව, රඹෑව, පල්ලන්කුලම යන ගම්මානවල පාරම්පරික එක්සත් ජාතික පක්ෂ පවුල් තිස් හතක සාමාජිකයෝ එකසිය පහළවක පමණ පිරිසක් පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමැති තිස්ස කරල්ලියද්ද මහතා වෙත බුලත් හුරුළු දී මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව තිබේ.

විස්තර»

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන මිනිස් බල ආයතන සේවකයන් ස්ථිර කිරීමට පියවර

දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් එක්කෝටි අනුහතර ලක්ෂක දඩ ආදායමක්

වලපනේ රොබින්සන් ශ්‍රී.ල.නි.ප.යට එයි

මෛත්‍රීත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න යනවා

අනුරපුර නැ‍ඟෙනහිර ආසනයේ එජාප පවුල් 347 ක් ශ්‍රීලනිපයට එක්වෙති

ඡායාරූපය - සුදත් සිල්වා

අපේ ජීවිත බේරාගත් වීරයා ඔබයි!

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

එක දෙක හැලෙන විට හෙළ උරුමයෙහි කොඩී
හක් ගෙඩි වාගයක් යළි ගල් ගෙයට වඩී
සිතියම තිබේ හකුළා දෙක තුනට කැඩී
පැහැදිලිවම පෙනේ කාගෙද බලය වැඩී

--------------- නිලමේ