නාසි වාදීන්ට රුසියාව වැට බඳියි
[2014-11-24 14:30]

නාසිවාදී අදහස්වලට එරෙහිව රුසියාව විසින් ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සහා මණ්ඩලයේ තෙවන කමිටුව විසින් සම්මත කර ඇතැයි වාර්තාවේ. සමාජීය, මානුෂීය ඛේදවාචකය සහ මානව හිමිකම් උල්ලංගනය කිරීම් පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා වගකීම් දරණ මෙම කමිටුවේ සාමාජිකයින් 115 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

 

විස්තර»


කොරල් පරයන් මත ඉදිවෙන චීනයේ දිවයින
[2014-11-24 13:30]

චීනය විසින් දකුණු චීන මුහුදේ කොරල් පරයක් මත දැවැන්ත දිවයිනක් ඉදිකරමින් ඇතැයි අනාවරණය වී තිබේ. පිලිපීන බුද්ධි අංශ විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූපයක් මඟින් හෙළි වී තිබේ.

විස්තර»


ජනාධිපතිවරණයේ ඇප මුදල් අද සිට
[2014-11-24 11:30]

2015 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද සිට දෙසැම්බර් 05 දක්වා සිදු කෙරේ. මේ අනුව ඇප මුදල් තැන්පත් කිරීම සතියේ වැඩකරන දිනවලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සිදු කෙරේ.

විස්තර»


කෝකිලායි කළපුවට පාලමක්

රුසියානු හමුදාවට යුක්‍රේනයෙන් . . .

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා . . .


ජනතා සිතුම් පැතුම් අමතක කර රටක් ගොඩනගන්න බෑ

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2014 නොවැම්බර් 21 කොළඹ දී

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ත්‍රස්තවාදී භීෂණය නිමා කොට සාමය ලක් දෙ‍රණේ ස්ථාපිත කිරීම සනිටුහන් කරමින්

සඳහිරු සෑ ගර්භයේ සර්වඥ ධාතූන් නිදන් කළ වගයි

වසර තිහක් පැවැති ත්‍රස්තවාදය නිමා කර අප මාතෘ භූමියට සාමය උදා කිරීම සදාතනිකව සනිටුහන් කරනු පිණිස ඵෙතිහාසික අනුරාධපුර පූජා භූමියේ ඉදි කෙරෙන සඳහිරු සෑයේ ගර්භයේ සර්වඥ ධාතූ තැන්පත් කිරීමේ පුණ්‍යොත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (23) සිදුකෙරිණි. සිවුදෙසින් වැඩම කළ හයදහසකට අධික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිතුමා චෛත්‍ය ගර්භයේ ධාතූන් තැන්පත් කිරීම ජනාධිපතිතුමාගේ සුරතින් සිදුකෙරිණි.

විස්තර»

මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවයි

- ජනපති මසක වැටුප පිරිනමයි

මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කිරීම පසුගියදා සිදු කෙරිණී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මහා භාරකාර දෙපාර්තමේන්තුව එක්ව මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කෙරිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මසක වැටුපක පරිත්‍යාගයෙන් මහින්දෝදය ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කර ඇති අතර ආසියානු සංවර්ධන බැංකුව මඟින් රුපියල් මිලියන 100ක ප්‍රදානයක් ආරම්භක ප්‍රාග්ධනයක් ලෙස ලබාදී තිබේ.

විස්තර»

නීති විරෝධි රැකියාවට රට යාමෙන් වළකින්න

- විදේශ සේවා නියුක්ති කාර්යාංශය

නීති විරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ දී පනවා ඇති නිතිරිතිවලට පටහැනිව විදේශ ගතවන්න බොහෝ පිරිස් එම රටවල දී විවිධ කරදරවලට මුහුණ දීමට සිදුව ඇති අතර මෙවැනි තත්ත්වයක් තුළ නීතිමය වශයෙන් ක්‍රියාත්මක වීමේ බාධා පවතින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විස්තර»

බෞද්ධාගමික දිවියක් ගෙවන ජනපතිගේ ජය ස්ථිරයි

අගමැති මහනුවර දී කියයි

ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ස්ථිර බවත්, බෞද්ධාගමික ජීවිතයක් ගත කරන එතුමාට ජනතාවගේ ප්‍රසාදය හිමිවන බවත් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පැවසීය. හෙතෙම මේ අදහස් පළ කළේ 21 දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී පැවැති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා දෙවන පදවිප්‍රාප්තියේ සිව්වස් සැමරුම නිමිත්තෙන් අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට ආශිර්වාදය පතා පැවැත්වූ ජයපිරිත් දේශනය අවස්ථාවේදීය.

විස්තර»

පක්ෂයෙන් ඉවත් වූ පිරිස දේශපාලනයේ යෙදී ඇත්තේ පෞද්ගලික කරුණු ඉටුකර ගැනීමටයි

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

පක්ෂයෙන් ඉවත් වූ පිරිස දේශපාලනයේ යෙදී ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා පෞද්ගලික කරුණු ඉටුකර ගැනීමට බව ඔවුන් කියන කරන දෙයින් තහවුරු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. දෙස් විදෙස් සතුරන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට හා පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් මොවුන් පක්ෂය පාවා දී ඇති බව හෙතෙම කීවේය.

විස්තර»

වික්‍රමනායකලා ශ්‍රීලනිපයේ ගෞරවයත් විනයත් ආරක්ෂා කළ අයයි

 පා. ම. විදුර වික්‍රමනායක

පුද්ගලික න්‍යාය පත්‍රවලට අපි නැහැ. වික්‍රමනායකලා කවදාකවත් ප්‍රගතිශීලී, අපේ ජනතාව දාල ගිය අය නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවයත්, විනයත් ආරක්ෂා කළ අය. අද පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා පක්ෂය අත්හැර ගොස් තියෙනවා. ඔහු සමඟ තාමත් තම පියාවන රත්නසිරි වික්‍රමනායක යනවාදැයි දුරකථන පණිවිඩ 720ක් ආවා. ඉන් දෙකකින් කීවේ යන්න කියලා. තිස් අවුරුදු ශාපයෙන් අපව ගලවාගත්, මෙරටට දෙවන නිදහස ලබාදුන් මහින්ද රාජපක්ෂ නම් වූ යුග පුරුෂයා අත්හැර යෑම අපේ යුතුකම නොවේ. අපි සදාකාලිකව ම එතුමා පෙරටුකර ගනිමින් ප්‍රගතිශීලී අභිමානවත් ශ්‍රී.ල.නි. ප. පාක්ෂිකයන් සමඟ ඉදිරියටත් ගමන් කරනවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හොරණ ශ්‍රී.ල.නි. ප. ප්‍රධාන සංවිධායක විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

විස්තර»

 

මේක මෙගා ටෙලි නාට්‍යයක්

- මෛත්‍රී නළුවා ඊළඟ කොටසේ පිටපතවත් දන්නේ නෑ

- නමක් නැති මේ ටෙලි නාට්‍යයට 'ඇගේ වෛරය' යන නම හොඳයි

- නාට්‍යයේ නිෂ්පාදකයන් ඉන්නේ පිටරට අධ්‍යක්ෂණය චන්ද්‍රිකාගේ: තිර පිටපත රනිල්ගේ

- සටන් අධ්‍යක්ෂවරු කොටි ඩයස්පෝරාවේ ජවිපෙ වේෂ නිරූපනයේ දෙමළ සන්ධානය විකට චරිතයක

- මෛත්‍රීගේ අනාගතය ගැන ඇත්තේ කනගාටුවක් බව ඇමැති ඩලස් කියයි

විස්තර»

ගුවන් විදුලියේ නව අධ්‍යක්ෂ ජනරාල් ටී.ඩී.කේ.ඒ.ජයන්ත

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ටී.ඩී.කේ. ඒ. ජයන්ත මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පත් කර ඇත. ඒ මහතා අද (24) එම තනතුරේ වැඩ භාරගනී.

විස්තර»

 

තැපැල් ඡන්ද අයදූම් දෙසැම්බර් 4 දාට පෙර

මේක මෙගා ටෙලි නාට්‍යයක්

ජනපතිවරණයෙන් මහින්ද පැරදුණොත් යුද අපරාධ අධිකරණයට ගෙන යනවාමයි

ශ්‍රීලනිප නව මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා අද වැඩ බාර ගනී

ජනපතිට තායි රජයෙන් ආචාර්ය උපාධියක්

අපේ මාතෘ භූමියට සාමය උදාකරදීම සනිටුහන් කරමින් ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ ඉදිකෙරෙන සඳහිරු සෑයේ ගර්භයේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ අයුරු. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ ද මෙහි වෙති.

මහා පාවාදීම හා නීච පලායෑම

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2ක්

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

සඟ-වෙද-ගුරු-ගොවි කම්කරු පංච මහා බලවේගය
එකමුතුවී පනස් හයේ ඇති කළ දෑ අනුරාගය
මැකී නොයයි කිසි දවසක කාගෙත් ඇත සහයෝගය
ගොරවන තරමට වහින්නේ නෑ ආවත් වැහි මේඝය

--------------- නිලමේ