ඉබෝලා මර්දනයට කියුබාවෙන් බලඇණියක්
[2014-10-24 11:30]

ඉබෝලා මර්දනය වෙනුවෙන් වැඩිම සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිසක් බටහිර අප්‍රිකානු කලාපය වෙත යැවූ රට කියුබාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

විස්තර»


උතුරු අධිවෙගය මුල්ගල තැබීම ජනපති අතින්
[2014-10-24 11:30]

යෝජිත උතුරු අධිවේගී මාර්ගයට එළැඹෙන 14 දා සහ 15 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මුල් ගල තැබීමට නියමිතයි. මහර, එ‍ෙඬේරමුල්ල සිට ආරම්භ වන මෙම . .

විස්තර»


ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන්ට සයිබර් ප්‍රහාර දැඩිවෙයි
[2014-10-24 10:30]

ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයින් ඉලක්ක කර ගත් සයිබර් ප්‍රහාර මේ වසර තුළදී පසුගිය වසර මෙන් සය ගුණයකින් වැඩිවී ඇතැයි නව අධ්‍යනයකින් අනාවරණයවී ඇත.

විස්තර»


 

කඩ දොළහට එක්වෙන නව වෙළඳ සංකීර්ණයක්
[2014-10-24 10:30]

අවිධිමත් වෙළඳ කුටි ඉවත්කොට ඒ වෙනුවට නව වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට අනුරාධපුර මහ නගර සභාව පියවර ගෙන ඇත. නගර සභා අරමුදලින් රුපියල් ලක්ෂ 61 ක මුදලක් ඒ සඳහා වෙන්කර තිබේ.

විස්තර»


ඇමෙරිකන් ජාතික වෛදවරයකුට . . .

ජනතාවට සහන සලසන අයවැය අද


මාව ඉවත් කරන්න නම් ජනතා විශ්වාසය දිනාගත යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
217.10.2014 අරලියගහ මන්දිරයේදී

මුද්‍රිත කලාපය

Observer Jobs

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

එජාප ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහනෙන්

ලක්ෂ 3 ට කපා දැමූ රාජ්‍ය සේවාව ලක්ෂ 15 ක් කළේ අපේ ආණ්ඩුවයි

එදා රජයේ ප්‍රතිපත්තිය සියලු වගකීම් පෞද්ගලික අංශයට විකුණා ඇඟ බේරා ගැනීමයි

උපාධිධාරීන්ට පත්වීම් දී රජයේ පුරප්පාඩු පුරවා රාජ්‍ය සේවය ශක්තිමත් කළා

පෞද්ගලික අංශයට වඩා රජයේ සේවයෙන් ජනතාවට සෙත සැලසෙන බව මගේ විශ්වාසයයි

ගාල්ලේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි බෙදාදීමේ උළෙලේ දී ජනපති කියයි

යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එජාප ආණ්ඩුව ලක්ෂ හතේ සිට ලක්ෂ තුන දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණු රාජ්‍ය සේවාව ලක්ෂ 15 දක්වා ඉහළ දමමින් ශක්තිමත් කරන්නට කටයුතු කළේ වර්තමාන රජය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විස්තර»

යාත්‍රාවලින් අල්ලා ගන්නා සියලුම මසුන් ස්ථාවර මිලකට ධීවර සංස්ථාවට ගන්න

විදේශීය යාත්‍රා අවශ්‍යතාව පරිදි අඩුකරන්න

ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සිද්ධියට කනගාටුව

ජනපතිගෙන් ධීවර ඇමැතිට නිලධාරින්ට උපදෙස්

බහුදින යාත්‍රා ඇතුළු යාත්‍රාවලින් අල්ලා ගන්නා මසුන් ධීවර සංස්ථාව මඟින් ස්ථාවර මිලකට මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට සහ අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.  දැනට විදේශ යාත්‍රා මඟින් අල්ලා ගන්නා මසුන් අතරමැදි සමාගම් මඟින් මිලදී ගැනීම වළක්වා ධීවර සංස්ථාවෙන් සෘජුවම මිලදී ගෙන දේශීය, විදේශීය වෙළඳපොළට යොමු කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

විස්තර»

භික්ෂූන් වහන්සේ රට පාලනය කිරීමට යාම වැරැදියි:

එය පාලකයාට බාර දිය යුතුයි

පොතානේ ධම්මානන්ද නාහිමියෝ පවසති

රාජ්‍ය පාලකයාට රට පාලනය කිරීමට අවස්ථාව ලබා දි මහා සංඝ රත්නය අධ්‍යාත්මික හා ගුණගරුක සමාජයක් හැදීමේ වගකීම බාර ගත යුතුයි. භික්ෂූන් වහන්සේලා රට පාලනය කරන්න යනවා නම් එය වැරදියි යැයි අනුරාධපුර පූර්වාරාමාධිපති භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පොතානේ ධම්මානන්ද නාහිමියෝ පවසති.  මහා සංඝ රත්නය රට පාලනය කරන්නට යාම පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද කීහ. මේ රට හැදීමේ වගකීම පාලක පක්ෂයට පමණක් පවරා අපට මග හරින්න බැහැ. අද බෙහෝ භික්ෂූන් වහන්සේලා රට පාලනය කරන්න යනවා.

විස්තර»

ජනපතිට තෙවරක් ඉල්ලන්න පුළුවන්

- ජනාධිපති නීතිඥ අලි සබ්රි

මේ රටේ කවුද නීතිය හදන්නේ ජනතාවයි. ඔවුන් විසින් පත් කරන නියෝජිතයන් මඟින් තමයි නීති හදන්නේ. ඒ නිසා 18 වෙනි සංශෝධනය තුළින් තමන් විසින් දෙවතාවක් පත් කර ගත් පුද්ගලයාට තවත් වතාවක් සඳහා ජනතාව ඉදිරියට යෑමට සංශෝධනයෙන් කිසිදු බාධාවක් නැතැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දෙයි. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙසේ පෙන්වා දුන්නේ “රට හමුවේ ඇති අභියෝග ඉදිරියේ විධායක ජනාධිපති ධුරය සහ 18 වෙනි සංශෝධනය” යන තේමාව යටතේ පැවැති විද්වත් සම්මන්ත්‍රණයකට ඊයේ (23) පස්වරුවේදී සහභාගි වෙමිනි. මෙම සම්මන්ත්‍රණය ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර එය සංවිධාන කරනු ලැබුවේ යුක්තිය උදෙසා ශ්‍රී ලාංකික තරුණ නීතිඥ එකමුතුව විසිනි.

විස්තර»

ලෝක ද්‍රවිඩ සංවිධානය-කොටි ඩයස්පෝරාව මෙහෙයවන

අහිංසක දරුවන්ට ප්‍රචණ්ඩත්වය හුරුකරන පාසල් 350ක් යුරෝපා රටවල

ංහල ප්‍රජාවට එරෙහිව වෛරය, ක්‍රෝධය ඇතිකර අහිංසක ද්‍රවිඩ දරුවන්ට ප්‍රචණ්ඩත්වය හුරුකරන පාසල් 350 කට වැඩි ප්‍රමාණයක් ලෝක ද්‍රවිඩ සංවිධානය, කොටි ඩයස්පෝරාව ප්‍රමුඛ කොටි පෙරමුණු සංවිධාන මඟින් යුරෝපා රටවල පවත්වාගෙන යන බවට ආරක්ෂක අමාත්‍යාංශ තොරතුරු ජාලය මඟින් අනාවරණය කරගෙන තිබේ. විදේශගත ද්‍රවිඩ ජාතිකයන්ගේ දරුවන් එකතු කර පවත්වාගෙන යන එම පාසල් පද්ධතිය “තමිල් චෝලායි” පාසල් ලෙස හඳුන්වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පෙන්වා දුන්නේය.

විස්තර»

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම අය-වැය අද

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන්ගේ ආදායම් ඉහළ නැංවීම ප්‍රමුඛ සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබසෙත සැලැසීමේ යෝජනාවලින් යුතු නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම අය-වැය අද (24) ....

විස්තර»
 

නව නීතිපති යුවන්ජන් විජේතිලක

සොලිසිටර් ‍ජෙනරාල් යුවන්ජන් විජේතිලක මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබිණි.

විස්තර»

ලොව බොහෝ රටවල ත්‍රස්ත ක්‍රියා ඉහළ යාම කනගාටුවට කරුණක්

වත්මන් රජය තරම් ගොවීන්ට සහන සැලසූ රජයක් ඉතිහාසයේවත් නෑ

යාපහුවේ අලි තර්ජිත ගම්වලට විදුලිය

රාජ්‍ය-පෞද්ගලික අංශ වැටුප් වැඩිවීම් ඇතුළු සහන රැසක් මෙවර අය-වැයට යෝජනා කළා

දඹුල්ලෙන් හමු වූ දරුවා ළඟ තබාගෙන සිටි “ කළු මල්ලී” රක්ෂිත බන්ධනාගාරයට

සුපිරි නිවාස තුනක මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාර තුනක්

ආනයනික සිගරට් ළඟ තබාගෙන වරද පිළිගත් අයට ලක්ෂයක දඩ

බලපත් නොමැතිව අරක්කු විකුණූ අයට දඩ

බස්නාහිර පළාතේ මහජන ගැටලු විසඳීමේ ජංගම සේවා තුනක්

ශ්‍රීලනිප ආණ්ඩු රාජ්‍ය සේවය කෙරෙහි කවදත් ලොකු විශ්වාසයක් තැබුවා

ජාතික අයවැය - 2015 සජීවී


 

ගාල්ලේ පැවැති වැඩසටහන් කිහිපයකට පෙරේදා (22) පස්වරුවේ සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන් බැහැදැකීමට පැමිණි අවස්ථාව. ඡායාරූපය - නිශාංක ද සිල්වා

බඩු මිල, වැටුප් හා අය වැය

මත් වතුර බී හොඳ හැටි සූර්වී ඉන්න බැරිව බ්‍රේක් ඔයිල් බීලා

රෝසි රට යන්න කථානායකගෙන් වැඩිපුර සල්ලි ඉල්ලයි

ඉබෝලා මර්දනයට කියුබාවෙන් බලඇණියක්

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

දියුණුව මකා සරසවි දරු පරපුරක
බලයෙන් කවා චොකලට් මෙන් අමු ගොරක
රතු කල්ලිය යාවි අරගල පෙරහරක
බළලුන් ලවා කොස්ඇට බෑමයි නරක

--------------- නිලමේ