උතුරු මැද කුඹුරු අක්කර ලක්‍ෂයක සාම්ප‍්‍රදායික ඉපැරණි වී වගා කිරීම අරඹයි
[2014-10-20 15:30]

උතුරු මැද පළාතෙන් "වකුගඩු මාරයා" පරාජය කිරීම සඳහා කුඹුරු අක්කර ලක්‍ෂයක සාම්ප‍්‍රදායික ඉපැරණි වී වගා කිරීම අරඹයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ගොවීන් සඳහා පැරණි බිත්තර වී නොමිලේ බෙදා දීම පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර බටහිර මැතිවරණ කොට්ඨාසයේ විලච්චිය පේමඩුවේදී සිදු කෙරිණ.

විස්තර»


ළමා වහලුන් සපයන යුවලක් අත්අඩංගුවට
[2014-10-20 13:30]

ළමා වහලුන් සපයන යුවලක් අත්අඩංගුවට ගැනිමට ඉන්දීය පොලිසිය සමත් වී ඇතැයි වාර්තා වේ. දිල්ලි හා ජාර්කාන්ද් පොලිසි මගින් සිදු කළ මෙම මෙහෙයුමේදී එම ව්‍යාපාරයේ යෙදි සිටි පන්නලාල් මහතෝ හා ඔහුගේ බිරිද සුනීතා දේවී අත්අඩංගුවට පත් වී ඇත.

විස්තර»


කොටි තහනම ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීම, ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කරයි
[2014-10-20 11:30]

කොටි තහනම ඉවත් කරන්නැයි තමිල්නාඩුවේ  BMK පක්ෂ ඇතුළු කොටි හිතවාදී පක්ෂ පහක් කළ ඉල්ලීම ඉන්දීය රජය විසින් එක හෙලා ප්‍රතික්ෂේප කර ඇත. හිටපු ඉන්දීය අගමැතිවරයකු වු රජිව් ගාන්ධී ඝාතනය සමිබන්ධයෙන් කොටි සංවිධානයේ පස් දෙනෙක් වරදකරුවන් වි දැනට තමිල්නාඩුවේ සිරදඩුවමකට යටත්ව සිටිති.

විස්තර»


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල අලුත්වැඩියා කිරිමට පියවර
[2014-10-20 10:30]

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍යාගාර/ රසායනාගාර/ එක්ස් කිරණ එකකය ඇතුළු සියලු එකකයන් අලුත්වැඩියා කිරිමට සැළසුම් කර ඇත.

විස්තර»


* රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය අද

* හෙළ උරුමය හෙට ජනපති
සමඟ හමුවක්

 


ඉතිහාසයේ අන්‍ය ජාතින් පුදුම කරවන තරම් තාක්ෂණ දියුණුවක් තිබූ අප එය ඉදිරියටත් රැගෙන යා යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ඔක්තෝබර් 18වැනිදා, කොළඹදී

මුද්‍රිත කලාපය

Observer Jobs

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ජාත්‍යන්තරයට ඕනෑ පඹයෙක් බලයට ගේන්නයි

*  ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන්ට රොකට් ප්‍රහාර එල්ලකරන අයම කොටි ත්‍රස්තවාදීන්ට නිදහස දෙනවා

*  සංවර්ධනය වන රටවල්වල ආණ්ඩු වෙනස්කර වහල් සමාජ සෑදීම ඔවුන්ගේ අරමුණයි

*  ජාතික හැඟීමෙන් ගොඩනැඟෙන රටවල් බිඳ දමන එවුන්ට ඉරාකයද-ලිබියාවද- ශ්‍රී ලංකාවද කියා වෙනසක් නෑ

* ඇතැම් දේශපාලකයන් යුරෝපයට ගිහින් සති දෙකකින් කොටි තහනම ගැලවුණා අපේ මාළු අපනයනයත් තහනම් වුණා

කෘෂි නිලධාරි හමුවේ දී ජනපති කියයි

ලොව බලවත් ජාතීන්ට අද වුවමනා වී ඇත්තේ ජාතික හැඟීම්වලින් යුක්තව ගොඩනැඟෙමින් තිබෙන රටවල් බිඳ දැමීමට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. රටේ ජාතික හැඟීම් බිඳදමා, ආණ්ඩු වෙනස් කර වහල් සමාජයක් ගොඩනඟන පඹයන් එම රටවල බලයට පත් කර ගැනීමට ඔවුන්ට වුවමනා වී තිබෙන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විස්තර»

දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ හයවැනි අදියර රට පුරාම අද ඇරැඹේ

ඉසුරුමත් නිවහනක් අසිරිමත්
මවුබිමක් තේමාවයි

බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කරන දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ හයවැනි අදියර දීප ව්‍යාප්ත මට්ටමින් අද (20) ආරම්භ වෙයි. "ඉසුරුමත් නිවහනක් අසිරිමත් මවුබිමක්" යන්න තේමාව කර ගනිමින් ක්‍රියාත්මක මෙහි හයවැනි අදියර අද පෙරවරු 10.07 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැඟෙනහිර දිසාව බලා පැළ සිටුවීමත් සමඟ ආරම්භ කෙරේ.

විස්තර»

රනිල්ගේ ලන්ඩන් චාරිකාවෙන් පසු කොටින්ට ලැබුණු ජයග්‍රහණ...

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලන්ඩනයට ගොස් දෙමළ ඩයස්පෝරාව මුණගැසීම අහඹු සිදුවීමක් නොවේ. මෙම හමුව රනිල්ගේ ළඟම හිතවතුන් වන මංගල සමරවීර සහ දිනේෂ් දොඩම්ගොඩ යන දෙදෙනා එක්ව මීට මාස කිහිපයකට පෙර සැලසුම් කර ක්‍රියාවට නැංවු තවත් ක්‍රියාදාමයකි. මීට සති කිහිපයකට පෙර මංගල සමරවීර සහ දිනේෂ් දොඩම්ගොඩ හදිසියේම ලන්ඩනය බලා පිටත්ව ගිය අතර සජිත්ට එ.ජා.ප.යේ නියෝජ්‍ය නායකත්වය ලබාදීමට විරෝධය පා ඔවුන් මෙසේ ලන්ඩනයට ගිය බව මංගලට හිතවත් වෙබ් අඩවිවල පළ විය.

විස්තර»

ජනපති මහින්ද සමඟ කිසිම ගැටුමක් නෑ

ජනපතිවරණ ජයග්‍රහණයට කැපවී
ක්‍රියා කරනවා

- ජාතික හෙළ උරුමය

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී රටට ජයග්‍රහණ ලබාදීමට හෙළ උරුමය කැපවී ක්‍රියාකරන බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික හෙළ උරුමය අතර කිසිඳු ගැටුමක් නොමැති බවද කියා සිටී.පළාත් ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පසුගියදා කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමිණි.

විස්තර»

රනිල්ගේ ‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුම ගැන අපි හොඳට තොරතුරු දන්නවා

- ඇමැති විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ඔවුන්ගේ පක්ෂ රැස්වීමක දී ප්‍රකාශ කර තිබූ ‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුම දැන් අරඹා ඇතැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය.‘අන්ඩර් ද රේඩාර්’ මෙහෙයුමක් තමන් මේ දවස්වල සිදු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබෙනවා.

විස්තර»

දක්ෂිණ අධිවේගයට සැප බස්සේවා නව බලපත් 43ක් අද නිකුත් කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මඟී ප්‍රවාහන සේවා පුළුල් කරමින් අධි සුඛෝපභෝගී සේවා නව මාර්ග බලපත්‍ර 43ක් අද (20) දින සිට නිකුත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඒ අනුව මහරගම - මාතර මඟී සේවා අවසර පත්‍ර ( මාර්ග බලපත්‍ර) 28ක්ද, මාතර කඩුවෙල මඟීසේවා අවසර පත්‍ර 15ක්ද නිකුත් කරනු ලබයි.

විස්තර»

ජාත්‍යන්තරයෙන් එල්ලවිය හැකි අභියෝග හමුවේ නොසැලෙන එකම නායකයා ජනපති මහින්දයි

මවුපියන්ට වඩා ඉදිරියෙන් සිටින දරු පරපුරක් බිහි කිරීම අපේ අරමුණයි

පිරිවෙන් අධ්‍යාපනය සමඟ සමීපව සිටිමින් එහි උන්නතියට කටයුතු කළේ ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුයි

කොටි තහනම් ඉවත් කිරීමමෙන් යුරෝපා රටවල ත්‍රස්ත ක්‍රියාකරකම් නිදහසේ සිදුකිරීමට පහසුකම් සැලසෙනවා

ඇහැළියගොඩ බස් අනතුරින් තිහකට තුවාල

‘80 සිට ත්‍රස්ත ක්‍රියා නිසා’ ඉඩම් අහිමි උතුරේ ජනතාව ගැන සංගණනයක්


 

රාජ්‍යසේවා එක්සත් හෙද සංගමය සංවිධාන කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හෙද නිලධාරීන් ‍අතර හමුවක් පෙරේදා (18) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී හෙද නිලධාරීන් ජනාධිපතිතුමන් සමඟ සුහදශීලීව අදහස් හුවමාරු කරගත් අයුරුයි මේ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ. ඡායාරූපය - සුදත් සිල්වා

රට වැසියන්ගේ අවධානය පිණිස යි!

ජනපතිතුමාට ඇති ජනතා ආකර්ෂණයට විපක්ෂය බයයි

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

යුරෝපා සංගමය මේ රටට රිදවන්ට
බෙදුම්වාදී ඩයස්පෝරාවෙ කොටියන්ට
ඉඩ ලබා දුන්නේය නිදහසේ හැසිරෙන්ට
මෙහෙත් සමහරු සිටිති උන්ගෙ පා ලෙවකන්ට

--------------- නිලමේ