අනගාරික ධර්මපාලතුමාගේ සේවය අගයා ‘ධර්මපාල වසර’ ප්‍රකාශයට

ශ්‍රී ලාංකීය ජාතිය සහ රට වෙනුවෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සිදුකළ විශිෂ්ඨ සේවය අගය කරමින් සහ එතුමා සිහිපත් කරමින් "ධර්මපාල වසර" නමින් වර්ෂයක් ප්‍රකාශයට පත්කරයි.කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ඊයේ (17) පැවැති අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම සංවත්සරය උළෙලට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම වර්ෂය ප්‍රකාශයට පත් කෙරිණි.

විස්තර»


දුරකථන ජාල හරහා ඡන්ද ප්‍රචාරක කටයුතුවලින් වැළකෙන්න

මැතිවරණ මහලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි

ග්‍රාහකයන්ගේ කැමැත්තකින් තොරව දුරකථන ජාල හරහා සංවිධානාත්මකව ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

විස්තර»


 ‍නගරයේ සුපිරි පහසුකම් ගමේ පාසලටත් ලබාදෙනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 සැප්තැම්බර්16 වැනිදා, බණ්ඩාරවෙලදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අතිමහත් බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් වී සිටින

රටේ නායකයා වන මට ඌවේ ජනතාව දැඩිසේ විශ්වාසයි

රාජපක්ෂලා යුද්ධ කරනවා කියමින් ශුද්ධ කරන අය නොව: ඕනෑම සටනක් , සටනක් ලෙස කරන ප්‍රජාතන්ත්‍රවාදී අයයි

* විදුලි බිල අඩු කෙළේ මැතිවරණ බලාගෙන නොවෙයි: ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කරන්නයි

* පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ජනතාවට පානීය ජලය ලබාදීම මගේ ඊළඟ වැඩපිළිවෙළයි

* වසර 30ක් පැවැති කුරිරු යුද්ධය වසර 3කින් නිම කළේ අපේ රජයයි
මහියංගණය-වැල්ලවාය විජයග්‍රාහී ජනරැලි අමතමින් ජනපති කියයි

මේ රටේ අතිමහත් බහුතරයකගේ ඡන්දයෙන් බලයට පත් වූ තමාට ඌවේ ජනතාව දැඩි සේ විශ්වාස බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. රාජපක්ෂලා යුද්ධ කරනවා කියමින් ශුද්ධ කරන අය නොව ඕනෑම සටනක් සටනක් ලෙස කරන ප්‍රජාතන්ත්‍රවාදී අය බව පැවසූ ජනාධිපතිතුමා එදා යුද්ධ කරනවා කියමින් වසර 28ක් ම හොඳ හැටි ශුද්ධ කළ බවත් ජනාධිපතිවරයා වසර තිහක් පැවැති යුද්ධය වසර තුනකින් නිමා කර ඒ ශුද්ධය නතර කළේ තමා බවත් පැවැසීය. 

විස්තර»

ආසියාවේ ආශ්චර්ය සිහිනය සැබෑ කරන පෙරමං සලකුණ ‘වරාය නගරයේ’ වැඩ ඇරැඹේ

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමෙහිලා අනාගත සිහිනයක පෙර මං සලකුණක් වන “කොළඹ වරාය නව නගරයේ” (Colombo Port City) ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ වෙයි.අපේ මාතෘභූමිය දකුණු ආසියාවේ සුවිශේෂීතම හා වඩාත් පරිපූර්ණ වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත්කරන මෙම නව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂි ජිංපින් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහත් අභිමානයෙන් යුතුව ඊයේ (17) පෙරවරුවේ සිදු කෙරිණි.

විස්තර»

පාලන මිලට අඩුවෙන් සහල් :

දින පහකදී සතොස කිලෝ ලක්ෂ
40ක් විකුණලා

පාලන මිලට වඩා අඩුවෙන් සතොස ලොරි මගින් නගරවල සහල් විකිණීමේ වැඩපිළිවෙළ ආරම්භ වී දින පහක් ඇතුළත සතොස සහල් කිලෝ ලක්ෂ හතළිහකට ආසන්න ප්‍රමාණය අලෙවි කර තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ රුපියල් කෝටි 23කට ආසන්න ආදායමක් ස.තො.සට ලැබුණ බවයි.සහල් තොග සඟවා පාරිභෝගිකයා ගසා කෑමටත් රජයට මඩ ගැසීමටත් පෞද්ගලික ව්‍යාපාරිකයන් සහ ඇතැම් දේශපාලන කණ්ඩායම් සැලසුම් කර තිබු අතර ඊට ඉඩ නොතබා රජය වහාම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයාට සහල් ලබාදීමට මෙම පියවර ගෙන තිබුණි.

විස්තර»

සීතල කාමරවල සිට ජනතාවගේ දුකට කිඹුල් කඳුළු හෙළන

විපක්ෂය බලයේ සිටියේ නම් ජනතාවට යන කල දසාවක් නෑ

- සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා

සීතල කාමරවල සිට ජනතාවගේ දුකට කිඹුල් කඳුළු හෙළන විපක්ෂය බලයේ තිබුණේ නම් ජනතාවට යන කල දසාවක් නොමැති බව සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා පැවැසීය.ශ්‍රී ලාංකේය ජනතාවට පමණක් නොව හෙට දින මෙ රටේ උපදින්නට සිටින දරුවන්ටද මෙම රජය සේවය කර ඇතැයි ද ඇමැතිවරයා කීය.පසුගියදා මොනරාගල, මැදගම, බිබිලේ යන ප්‍රදේශයන්හි ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවැති රැස්විමකදී ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා මේ අදහස් පළ කළේය.

විස්තර»

රට දැය සමයට ආදරය කරන පිරිසක් ලෙසින් ඌවේ ඡන්ද කාර්යය
කළ යුතුයි

- විතාරන්දෙණියේ නන්ද හිමි

ඌව වෙල්ලස්ස පළාත ‍ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රෞඪ ජාතියක් වූ සිංහලයා ජීවත් වූ ප්‍රදේශයක්. මෙවර මැතිවරණයේ දී ඉතාමත් කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්නැයි එම ප්‍රදේශයේ ජනතාවගෙන් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඉල්ලා සිටිති.කිරුළපන බොදු බල සේනා මූලස්ථානයේ පෙරේදා (16) පැවැති මාධ්‍ය හමුවේ දී උන්වහන්සේ ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් මෙම ඉල්ලීම කළහ.

විස්තර»

ජීවය රකින ඕසෝන් වියන රැකීමට ශ්‍රී ලංකාව මහඟු සේවාවක් ඉටු කරනවා

- ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත

ශ්‍රී ලංකාව මොන්ට්‍රියල් සන්ධාන ඉතිහාසය ආරම්භයේ සිටම ක්‍රියාකාරි සාමාජිකයෙක්ව සිටිමින් ජීවය රකින ඕසෝන් වියන රැකීමට මහඟු සේවාවක් ඉටු කරන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.පෙරේදා (16 ) ට යෙදී තිබුණු ජාතික ඕසෝන් දිනය සැමරීම හා ජාතික ඕසෝන් ඒකකයට වසර 20 ක් පිරීම සැමරීම නිමිත්තෙන් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.ජාතික ඕසෝන් දින සමරු උත්සවය බත්තරමුල්ල අපේ ගම දී ඊයේ පැවැත්විණි.

විස්තර»

හැකියාවට ‍ගෞරවනීය රැකියාවක් ලබා ගැනීමට වෘත්තීය පුහුණු අධිකාරියේ දායකත්වය ප්‍රසංශනීයයි

ජාතිය කුලයට වඩා මනුෂ්‍යයන්ට ආදරය කරන්න පුළුවන් කියා පාප් වහන්සේ පෙන්නුම් කර තිබෙනවා

ජලය පිරිසුදු කිරීමේ කුබෝටා ක්‍රමවේදය ගැන මධ්‍යම පරිසර නිලධාරීන් දැනුවත් කිරීමක්

වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන්ට ඇප දෙනවාද නැද්ද යන්න නියෝගය 24දා

සුවිශේෂී සේවාවක් කරන අයට එදා මෙන් අදත් අපහාස-උපහාස කිරීම ඇතැමුන්ගේ සිරිතක්

මාලදිවයින් ජනාධිපති අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ 30දාට පෙර

අපේ රටට බොරු චෝදනා කරන බොහෝ රටවලට ශ්‍රී ලාංකේය මිනිසා පිළිබඳ නිසි අවබෝධයක් නැහැ

හෙද උපාධියට රජයේ අනුමැතිය ලබුණා

ප්‍රමුඛතාව දී විසඳිය යුතු රටේ ගැටලු මොනවාදැයි හඳුනා ගැනීම වැදගත්

ලෝකයේ තරගකාරී ආර්ථිකයක් පවත්නා රටවල් සමඟ ගනුදෙනු කිරීමට හැකි වූයේ ජනපති මහින්ද නිසායි

තිස් අවුරුදු යුද්ධයේ දී සියලු ජාතීන් වි දුක් අමතක කළ නොහැකියි


 

ඌව පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන මොනරාගල දිස්ත්‍රික් විජයග්‍රාහී අවසන් ජන රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ දී ඊයේ (17) පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා ජනතාවට ආචාර කරන අයුරු. උෟව පළාත් හිටපු මහ ඇමැති ශෂින්්‍ද්‍ර රාජපක්ෂ මහතා සහ රැස්ව සිටි අති විශාල ජනකායෙන් කොටසක් ද මෙහි වෙති. ඡායාරූප - සුදත් මලවීර සහ චන්දන පෙරේරා


 

අප මාතෘභූමිය දකුණු ආසියාවේ සුවිශේෂීතම වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත් කරන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂි ජින්පිං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදුකෙරුණු අතර සමරු ඵලකය නිරාවරණය කරමින් එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කළ අයුරු. ඇමැති රෝහිත අබේගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්වරු ද මෙහි වෙති.  ඡායාරූපය - සුලෝචන ගමගේ

ශ්‍රී ලංකාව ඉළන්දාරි වෙනවා.....!

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ වැඩ ඇරැඹුණේය
එහි ඵලයක් ලෙස ඉන්ධන විදුලිය බිල අඩු වුණේය
චීනය දෙන සහයෝගය අද මුළු ‍ෙලාවටම පෙනේය
උතුරේ මල්ලිලා දැනට ඇත්තේ අයියගේ කනේය

--------------- නිලමේ