ජපන් අගමැති මෙරට නිල සංචාරයක

ශ්‍රී ලංකාව සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා ජපාන අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 60 ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පසුගිය 2013 වසරේ මාර්තු මාසයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ කළ නිල සංචාරයේ දී සිදුකළ ආරාධනයකට අනුව එරට අගමැතිවරයා එළඹෙන 07 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විස්තර»


පලස්තීන රජයෙන් ජනපති මහින්දට තුති

අසීරු අවස්ථාවේ දී නැගී සිටීමට අතහිත ලබාදුන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෞරවය සහ කෘතවේදිත්වය පිරිනමන බව පලස්තීන රජය ප්‍රකාශ කරයි. මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් වර්ධනය වීම හේතුවෙන් විපතට පත් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට හිදිසි ආධාරයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

විස්තර»


ඌව පළාත් මැතිවරණය: තැපැල් ඡන්ද මේ මස 4-5 දිනවල

ඌව පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්ද සලකුණු කිරීම මේ මස 04 සහ 05 දෙදින පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. තැපැල් ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා සඳහන් කරයි.

විස්තර»


නාවලපිටිය යුද හමුදා සංදර්ශනයට සහය දුන් සැමට තුති

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැති යුද හමුදා සංදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දුන් සැමට ස්තුතිය පළ කර සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශ්ශංක රණවන මහතා කීය. අගෝස්තු මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැති මේ සංදර්ශනය නැරැඹීමට විශාල ජනතාවක් සහභාගි වූ බව පැවැසූ රණවන මහතා මේ තුළින් ජනතාව හා යුද හමුදාව අතර සමීප සබඳතාවයක් ගොඩනැඟුණු බව ද පැවැසීය.

විස්තර»


‘One Health’ ජාත්‍යන්තර සමුළුව 5 සහ 6 ‍පේරාදෙණිය සරසවියේ දී

පරිසරය හා සෞඛ්‍ය අතර සම්බන්ධතාව පිළිබඳව අවධානය යොමු කරමින් “2014 one Health” ජාත්‍යන්තර සමුළුව මේ 05 සහ 06 දෙදින තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී මේ සමුළුව 5 දින පෙරවරු 8.30ට සමාරම්භක කෙරෙන අතර, අමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය ඊට සහයෝගිතාවය දක්වයි.

විස්තර»



සියලුම නිවෙස්වල ජල අවශ්‍යතාව සපුරාලීම රජයේ අපේක්ෂාවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 අගෝස්තු 31 වැනිදා, බිබිලදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

මොනරාගල පානීය ජල සැපයුමට

රු. දස ලක්ෂ 5400ක වියදමින් දැවැන්ත ජල යෝජනා ක්‍රමයක්

- පවුල් 70,000කට සෙත සැලසෙයි

- තාක්ෂණ විද්‍යාගාර 88ක් ඌවට

- ජනතා අවශ්‍යතා හඳුනාගැනීමක්

මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජලය ලබා දීමට සඳහා රුපියල් බිලියන 5. 4ක (රුපියල් දස ලක්ෂ 5400ක) වියදමකින් දැවැන්ත ජලයෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විස්තර»

ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට

රබර්වලට සහතික මිලක්

දේශීය රබර් ගොවියාගේ ආර්ථික මට්ටම ශක්තිමත් කිරීමේ අරමුණින් රබර් සඳහා සහතික මිලක් නියම කිරීමට රජය තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්වරුන් වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ සඳහා අනුමැතිය ලැබී තිබෙන අතර එය ප්‍රතිපත්තමය තීරණයක් බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

ශ්‍රීලනිපයේ 63 වැනි සංවත්සරය අද බදුල්ලේදී

මාතෘභූමියට විජයග්‍රාහී මාවත පෙන්වා දෙමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ එකමුතුවෙන් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අද (02) පස්වරු 2.00ට පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, පක්ෂය පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩී. ඒ. රාජක්ෂ මැතිතුමා ප්‍රමුඛ පක්ෂයේ හිටපු නායකයන්ගේ ද ගුණ සුවඳ සිහිපත් කරමින් මෙම සැමරුම් උළෙල පැවැත්වේ.

විස්තර»

බාලාතම්පෝ සමුගනී

වමේ ව්‍යාපාරයේ හා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ප්‍රබල නායකයකු වූ පිලිප්ස් බාලාතම්පෝ මහතා ඊයේ (01) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා මියයනවිට වයස අවුරුදු අනූ දෙකකි. බාලතම්පො මහතා ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමයේ (සී. එම්. යූ) නායකයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන රටේ නිදහස වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ අයෙකි.

විස්තර»

නාට්‍යවේදී බන්දුල විතානගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යකරුවකු, පරිවර්තකයකු, රංඟවේදියකු වූ බන්දුල විතානගේ මහතා ඊයේ (01)අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රියා කංකානම්ගේ කමලා පීරිස් මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන අතර  චානක, නාලක හා වජිරකුමාරි යන අයගේ පියාණෝය. දිනමිණ කර්තෘ මණ්ඩලයේද සේවය කළ ඒ මහතා හිරු දහස, රෝමය ගිනි ගනියි, වැනීසියේ වෙළෙන්දා ඔහුගේ වේදිකා නාට්‍ය අතර වේ. අසල්වැසියේ, බුමුතුරුණු, අත්තබිදෙයි වැනි ටෙලිනාට්‍ය ඒ මහතාගේ අධ්‍යක්ෂණයන්ය.

විස්තර»

ජාත්‍යන්තර සිනමා උළෙල අද රීගල්හිදී

ජාත්‍යන්තර සිනමා උළෙල අද (02) උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙහි සමාරම්භක උළෙල අද සවස (6.30)ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වේ. රතුපලස විශේෂාංග සමඟින් මෙම සිනමා උළෙලේ වැඩසටහන ආරම්භ වන අතර හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට චිත්‍රපට උළෙලේ චිත්‍රපට නාමාවලිය පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

විස්තර»

සාර්ථකත්වය කරා පියනඟන ඕනෑම අයකුට සෑම් විජේසිංහ ආදර්ශවත් චරිතයක්

ජනපති කියයි

සම්භාවනීය පුරවැසියකු වු සෑම් විජේසිංහයන්ගේ ජීවන දැක්ම සාර්ථකත්වය කරා පියනගන ඕනෑම ක්ෂේත්‍රයක පුද්ගලයකුට ආදර්ශයක් බවත් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ නියෝජිතයන් ඔහුගෙන් ලැබූ අවවාද අනුශාසනා මගපෙන්වීම් සේම ඔහුගේ ඇසුරෙන් තමාගේ පාර්ලිමේන්තු ජීවිතයට ලැබුණු ආලෝකය නැවත නැවතත් සිහිපත් කරන්නේ දැඩි ගෞරවයෙන් යුතුව යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විස්තර»

අපේ තේවලට චීන වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක්

ආණ්ඩුව කියයි

චීන වෙළෙඳ පොලේ ශ්‍රී ලංකා තේ වෙනුවෙන් ඉහළම ඉල්ලුමක් පවතින බව ආණ්ඩුව පවසයි. මෑතක් වනවිට චීන වෙළෙඳ පොලේ ශ්‍රී ලංකා කළු තේ වෙනුවෙන් පවතින ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය 2012 වසරේ දී පැවැති සියයට 22 ට සාපේක්ෂව 2013 වර්ෂය අවසන් වනවිට සියයට 28 දක්වා ඉහළ ගොස් තිබෙන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව මෙරට උද්ධමනය 4.5% දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි

කලාපීය වශයෙන් ලෝකයේ අනකුත් රටවලට සාපේක්ෂව කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ලබා තිබෙන ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 4.5 දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විස්තර»

වචනයට පමණක් සීමා වී තිබූ අපේ රටේ සංවර්ධනය අද යථාර්ථයක් බවට පත්වෙලා

ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ ශක්තිය අප සතුව තිබෙනවා

විශේෂ කාර්ය බළකායේ රණවිරු ගුණ සැමරුම් උළෙල මහ ඉහළින්

කාන්තා සංවර්ධන සේවා සමුපකාර සමිතියට රෝහලක් ඉදිකිරීමට ඉඩමක් ලබාදීමට පියවර ගන්නවා

පාකිස්තාන සරණාගතයන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි

කොපි කරන්න බැරි නායකයෙක්

මට සිලිටි එහෙත් හැඟීමක් නැති බිම් පොළවක් මත සිටුවන ලද ප්ලාස්ටික් පුටුවක් මත ලෝකයක් දිනු ගාම්භීර නායකයෙක් ඉඳගෙන සිටී. බැලූ බැල්මට ඒ සිනහව ඉතා සරලය. අහිංසක ගැමියකුගේ අව්‍යජ නිහතමානීකම ඔහු කෙරෙන් පළවේ. ප්‍රධාන චරිතය අබිමුවෙහි ශිල්පයෙහි නිපුන ආලේඛ්‍ය චිත්‍රකරුවෝ රැසක් පෙළ ගැසී සිටිති. ඔවුහු මේ සරල නායකයාගේ යථාර්ථය රේඛාවට නැම සඳහා බලවත් උත්සාහයක යෙදී සිටිති.

ඊයේ (1) දිනමිණ කවරය සැරසූ ජාතික ශිල්ප සභාව මඟින් පවත්වන ලද හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ තරුණ සිසු කණ්ඩායමක් අඳින ලද ජනපතිතුමන්ගේ එක් රුවක් අද අපි මෙසේ පළ කරමු.

විස්තර»

සමාජවාදය පවතින්නේ ශ්‍රිලනිපය නිසා ද?

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

ආණ්ඩුවේ බෝඩිම බෝගම්බර
ජඹුණු කොළ නැති ගහ ආඩම්බර
අලුතින් ඉදිවුණු කටුගෙට දුම්බර
යනවලු මිතුරන් අතරට පෙම්බර

--------------- නිලමේ