නායකත්ව මණ්ඩලය විසුරුවනවා නම් නි.නායකකම බාරගන්නවා

සජිත් කියයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යනායක ධුරය භාරගැනීමට නම් නායකත්ව මණ්ඩලය විසුරුවා හැරිය යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයට ‍යෝජනා කැර ඇතැයි වාර්තාවෙයි. මේ තත්ත්වයත් සමඟ යළිත් රනිල් හා සජිත් අතර පැවැති විරසකය වර්ධනය වී තිබෙන අතර නායකත්වය මණ්ඩලය මඟින් නියෝජ්‍ය නායක ධුරය පුරප්පාඩුව තබන ලෙස ජාතික නායකයාට දැනුම් දී තිබේ.

විස්තර»


ඩෙංගු මදුරු පරීක්ෂාව අදත් හෙටත්

රට පුරා පාසල් හා ආයතන පරීක්ෂා කර මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් අද (29) සහ හෙට (30) දෙදිනදී ක්‍රියාත්මක කෙරේ. ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. උතුරු බටහිර මෝසම් සමඟ යළි ඩෙංගු හිස ඔසවන නිසා කඩිනමින් මේ කාර්ය කිරීමට පෙළඹී ඇති අතර ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගනිමින් දැවැන්ත මදුරු මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරේ.

විස්තර»


ප්‍රජාව සංවර්ධනය කිරීමේදී එකමුතුභාවය ඉතා වැදගත්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
22.08.2014 - මහනුවරදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ළමා හා කාන්තා සුබසාධනයට ජනපතිගෙන් රු. මිලියන 1743ක්

මිලියන 700ක් ළමා අපයෝජන කාන්තා හිංසන වැළැක්වීමට

ළමා කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති රැසක්

ශ්‍රී ලංකාවේ ළමයින් හා කාන්තාවන්ගේ සංවර්ධනය හා රැකවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රජය මෙම වසර සඳහා රුපියල් මිලියන 1743ක් වෙන් කර ඇත. මෙයින් රුපියල් මිලියන 700ක් ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීම සඳහා වූ විශේෂ වැඩසටහන් සඳහා වෙන් වී තිබේ. මේ ප්‍රතිපාදන යටතේ ළමා රැකවරණ මධ්‍යස්ථාන ඉදිකිරීම, කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදිකිරීම, පොලිස් ස්ථානයන් හි ළමා හා කාන්තා කාර්යාංශ පිහිටුවීම හා උපකරණ ලබාදීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල . . .

විස්තර»

ඌවේ මැතිවරණයට දිවිනැඟුම සේවකයන් යොදා ගන්නවා කියන චෝදනා බොරු

ඇමැති බැසිල් අවධාරණය කරයි

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඌව පළාත් සභා මැතිවරණය සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයන් යොදා ගන්නා බවට ඇතැමුන් නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. තම අමාත්‍යාංශය, දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ රජයේ කිසිම නිලධාරියෙකු නීති විරෝධී ලෙස මැතිවරණය වෙනුවෙන් යොදා නොගන්නා බව ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

විස්තර»

මෙරටට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ජර්මනියේදී ප්‍රවර්ධන වැඩසටහනක්

විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇත. ලොව පුරා රටවල ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ඒ යටතේ මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මේ වැඩසටහන ආරම්භකර තිබෙන අතර ඒ යටතේ ජර්මනියේ බර්ලින්, හැම්බර්ග්, මියුනිච් සහ ෆ්‍රැන්ක්ෆර්ට් (Berlin, Hamburg, Munich and Frankfurt) නගර ආශ්‍රිත කුලී රථ 300ක සංචාරක ආකර්ෂණීය ගමනාන්තයන් ප්‍රචාරණය කරන බවද එම කාර්යාංශය සඳහන් කරයි.

විස්තර»

පළමු lean luxury සිනමන් රෙඩ් විවෘත වෙයි

අතිරේක සැරසිලි වලින් තොර වූ සුඛෝපභෝගී සේවාවන් සමඟින් සැප්තැම්බර් පළමුවැනිදා සිට 'Lean Luxury' හෝටලයක් ලෙසින් සිනමන් රෙඩ් විවෘත කෙරේ. සිනමන් හෝටල් ජාලයට එක් වූ නවතම හෝටලය ලෙසින් නවීන පහසුකම් සහිතව සංචාරකයන්ගේ සුවපහසුව වෙනුවෙන් සිනමන් රෙඩ් හෝටල් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙයි. කොළඹ 03, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) පිහිටා ඇති සිනමන් රෙඩ් හෝටලය ඊටම ආවේණික . . .

විස්තර»

වී ගොවියාට හොඳ ආදායමක් වී කි‍ලෝවක මිල රු. 46 දක්වා ඉහළට

ගොවීන් ගසා කනවාදැයි අලෙවි මණ්ඩලය සීරුවෙන්

වී ගොවියාට විශාල ආදායමක් ලබාදෙමින් මේ වන විට වෙළෙඳුන් විසින් මිලදී ගන්නා වී කිලෝවක මිල රුපියල් 46 දක්වා ඉහළ ගොස් තිබේ. මෙවර කන්නයේ දැනට නෙළන අස්වැන්නට අමතරව ගොවීන් තම නිවෙස්වල ගබඩා කර තිබූ වී තොගද විකිණීමට පටන්ගෙන තිබේ. ඉතිහාසයේ වී කිලෝවක මිල රුපියල් 46 දක්වා ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය බව ගොවියෝ පවසති. ‍තවද වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීමට ඉඩ නොතබා පෞද්ගලික වෙළෙන්දන් වහ වහා මිලදී ගැනීම් සිදු කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

විස්තර»

වී - සහල් තොග සඟවා ඇත්නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන්න

වී සහ සහල් තොග රැස් කරනු ලබන සියලු වී මෝල් හිමියන් සහල් ආනයනකරුවන් සහ තොග රැස් කරන්නන් සන්තකයේ ඇති සියලු වී සහ සහල් තොග පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත වහාම දැනුම්දිය යුතු බව පාරිභෝගික අධිකාරිය මඟින් ඊයේ නිවේදනය කර තිබේ. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 57 වගන්තියේ බලතල ප්‍රකාරව එම තොරතුරු සැප්තැම්බර් 15 දිනට පෙර ලබාදිය යුතු වෙයි. ඊට අදාළ ආකෘති පත්‍රයක්ද රජය ඊයේ නිකුත් කොට තිබේ. සෑම සති දෙකකට වරක්ම පාරිභෝගික අධිකාරිය වෙත මෙම තොරතුරු දන්වා යැවිය යුතු වෙයි.

විස්තර»

කෘෂි රසායන, කෘත්‍රිම පොහොර භාවිතය අවම කිරීමට නව වැඩපිළිවෙළක්

ද්‍රවිඩ සන්ධානය සැනසීම ඉන්දියාව නැවැත්විය යුතුයි

පීඩාවිඳින රෝගීනට ඖෂධ ලබා දෙන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පියවර අරන්

ජනාධිපති කාර්ය සාධක බළකායෙන් ඩෙංගු මර්දන වැඩසටහනක්

එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සැම විටම පෙනී සිටිනවා

ජනපති මහින්ද ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව අගය කරනවා

දියකාවා මෙහෙයුමට විදෙස් රටවල් 12ක් එති

ඉඩම් රජයට පවරා ගන්නේ නැහැ

බම්බලපිටිය රූපලාවණ්‍යගාරයේ තත්ත්වය ගැන සොයා බලා වාර්තාවක් අධිකරණයට දෙන්න

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුනිල්සෝමට-සිනමා ශිල්පී තිලක් වේහැල්ලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාග

ඇපකාරයන් නැති අපූරු ණය ක්‍රමයක්!

“අනේ මැඩම් අපේ දරුවා හදිසි අනතුරු ඒකකයේ. අපට පිහිට වෙන්න”

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

සමහර දොස්තර මහතුන් යෙදිලා ඇත වර්ජනේ
එතුමන්ලා වැඩට ගියොත් හෙද හෙදියන් වර්ජනේ
දෙගොල්ල වැඩනම් වින්නඹු කම්කරුවන් වර්ජනේ
අනේ අනිච්චං දුක්කං මිනී මරණ වර්ජනේ

--------------- නිලමේ