සෞඛ්‍ය සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දමති

සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි කිහිපයක් හෙට දිනයේ ගැනීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමීමට තීරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ඊයේ (24) රාත්‍රියේ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

විස්තර»


විද්‍යාපීඨ ගුරුවරුන් 3000කට පත්වීම්

විද්‍යාපීඨවලින් නික්ම යන 3000ක් වන පිරිසකට ලබන ජූනි මාසයේ දී ගුරු පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය. සුදුසුකම් සපුරා ඇති සියලුම දෙනාට ගුරු පත්වීම් ලබා දී ඇති බවත්....

විස්තර»  


ආණ්ඩු පෙරළන්න අවශ්‍ය නම් එයට ජනතාවට ඉඩ දෙන්න

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 අප්‍රේල් 08 වැනිදා, කොළඹදී



0


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ආගමික හෝ වෙනත් සිද්ධියක් මුල් කරගෙන

නීතිය අතට ගන්න කිසිවකුට ඉඩ දෙන්නේ නෑ

ආගමික ගැටුම් සමනයට වෙනම පොලිස් ඒකකයක්

ඇතැමුන්ගේ මාධ්‍ය භාවිතය දෙබිඩියි

කිසිම හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නෑ

විපක්ෂය ඉල්ලනවා නම් ජනාධිපතිවරණයක් දෙන්න සූදානම්

සුපිරි හෝටල් සංකීර්ණයක් මිස කැසිනෝ හෝටල් හදන්නේ නෑ

ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

යම් යම් පුද්ගලයන් සහ සංවිධාන රට තුළ කටයුතු කරන ආකාරය අනුව ආගමික ගැටුම් නිර්මාණය කිරීමේ තත්ත්වයකට රට පෙළඹවීමේ සහ රට ගෙන යාමේ වුවමනාවක් පෙනෙන්නට තිබෙන බව රජයක් ලෙස අප දකිනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එවැනි තත්ත්වයකට රට ගෙන යාමට ඉ‍ඩ නොදෙන අතර කිසිදු පුද්ගලයකුට කිසිදු සංවිධානයකට නීතිය අතට ගෙන කටයුතු කිරීමට රජය ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා කීය.

විස්තර»

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සැකසූ නියෝගය සම්මතයි

සුඛෝපභෝගි හෝටල්, නිවාස, සාප්පු සංකීර්ණයක ඉදිකිරීමේ කිංස්බරි ව්‍යාපෘතියට අදාළව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සකස් කළ නියෝගය පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) වැඩි ඡන්ද 71 කින් සම්මත විය. අනුමැතිය සඳහා ඉදිරිපත් කළ නියෝගය පිළිබඳ විවාදය අවසානයේ දී වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා නමින් ඡන්දය විමසන ලෙසට කළ ඉල්ලීම අනුව පැවැති ඡන්දයේ දී නියෝගයට පක්ෂව....

විස්තර»

පියා සිඟිති දියණියන් දෙදෙනා නිල්වලා ගඟට තල්ලු කරලා

හමුදා සෙබළු දැරියන්ගේ දිවි ගලවා ගනිති

මාතර දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ඔහුගේ බාලවයස්කාර දියණියන් දෙදෙනා කිඹුලන් පිරි නිල්වලා ගඟට තල්ලු කර දමා පලාගොස් ඇති අතර යුද හමුදාවේ සහ තවත් පුද්ගලයන් පිරිසක් එකතු වී එම දරුවන් දෙදෙනා බේරාගෙන තිබේ.  ඊයේ (24) පෙරවරු 11.30ට පමණ මේ සිද්ධිය වී ඇත්තේ මාතර නිල්වලා ගඟ අසබඩ පිහිටි මහානාම පාලම ආසන්නයේදී බව පොලිසිය පවසයි. වයස අවුරුදු දෙකක් සහ හතරක් වයසැති මේ දරු දෙදෙනාගේ දිවි බේරා ගැනීමෙන් අනතුරුව මාතර රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේ වෛද්‍යවරු හෙද හෙදියෝ එකතු වී දරු දෙදෙනාට කඩිනමින් ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලිසිය කියයි.

විස්තර»

හම්බන්තොට වරාය-ගුවන් තොටුපළේ දී

එජාප මන්ත්‍රීවරු මුහුණ දුන් සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවා

අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සිදුවූ සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවත් ඊට වගකිව යුතු අයට තරාතිරම නොබලා කටයුතු කරන බවත් අගමැති දී මූ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) අවධාරණය කළේය. මාධ්‍ය මඟින් ලබාගත් වීඩියෝ දර්ශන හරහා සැකකරුවන් මේ වන විට හඳුනා ගෙන ප්‍රශන් කරගෙන යන බව හෙළි කළ අගමැතිවරයා පොලිස්පතිතුමාගේ උපදෙස් මත වෙනත් පොලිස් කණ්ඩායම් මගින් මෙම විමර්ශන කටයුතු සිදු කරන බවද කීය.

විස්තර»

ලෝක තරුණ සමුළුවට තව දින 11යි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය ඇතිව මෙරට පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උණුසුම් සුබ පැතුම් එක් කැරිණි. මෙරට පැවැත්වෙන තරුණ සමුළුවේ සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට ගන්නා උත්සාහයන් දිරිගැන්වීමට මෙහිදී පියවර ගැනිණි. 4විවිධ විදේශීය තරුණ සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් නිරීක්ෂකයන් ලෙස පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අයදුම්පත් 3000ක් පමණ දැනට ලැබී ඇත.  මෙයින් විදේශික තරුණ නියෝජිතයින් 350ක් හා දේශීය තරුණ නියෝජිතයින් 100ක් සුදුසු ලකුණු දීමේ ක්‍රමවේදයක් භාවිත කරමින් තෝරා ගැනීමේ කටයුතු දැනට කෙරෙමින් පවතියි.

විස්තර»

බලුකිස්තාන් පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානයේ බලුකිස්තාන් පළාත් මන්ත්‍රණ සභාවේ නියෝජිත පිරිසක් කතානායක මිර් ජාන් මොහමඩ් කාන් ජමාලිගේ ප්‍රධානත්වයෙන් මේ මස 24-28 දක්වා දින 4 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.  මේ සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සම්බන්ධතා සහ අනෙකුත් ද්විපාර්ශ්වික සබඳතා කලාප හා ගෝලීය මට්ටමින් වැඩි දියුණු කිරීමට ඇති මාර්ග ගවේශනය කිරීමය.

විස්තර»

අස්ගිරි මහ නාහිමියන්ගේ ඉල්ලීම ජනපති කතුවරුන්ට දන්වයි

දිනමිණ ජනතා මෙහෙවරටත් පැසසුම්

 

විස්තර»




 


 

සිංහල දෙමළ මුස්ලිම් යන සියලු දෙනා
එක් සේසතක් යට සමඟිව එකතු වුණා
මුළු රට ත්‍රස්තවාදය ඇති විටෙක දිනා
වපුරනු එපා අසමගි ගිනි පුපුරු තනා

 

ලෝක තරුණ සමුළුවට තව දින 14යි