ද.කොරියා මගී නැවක් අනතුරක:

දෙදෙනෙක් මරුට:

සියයකට වැඩි පිරිසක් අතුරුදන්

මගීන් 477න් 368ක් බේරාගෙන

දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේ දී දකුණු කොරියානු නෞකාවක් ඊයේ (16) අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර සියයකට අධික පිරිසක් අතුරුදන් වී ඇත.

විස්තර»


සංගක්කාරට එංගලන්තයෙන් ආරාධනාවක්

විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට මෙවර එංගලන්ත පළමු කො‍ටසේ ප්‍රාන්ත තරගාවලියේ දී ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් තරග කීපයකට සහභාගිවීමට ආරාධනාවක් ලැබී ඇත.‍ ශ්‍රී ලංකා පිලේ එළැඹෙන එංගලන්ත සංචාරය සඳහා පෙර සූදානමක් ‍ලෙස එම ආරාධනය සංගක්කාර පිළිගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

විස්තර»


වෙනස් වෙමින් තිබෙන ජනතා අවශ්‍යතා අනුව කටයුතු කිරීමට අප සූදානම්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 අප්‍රේල් 8 වැනිදා ශ්‍රී ලංකා
මහ බැංකු පරිශ්‍රයේ දී



0


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ජනපති උපන් ගමේ අවුරුදු සමරද්දී විපක්ෂ නායකයා පිටරට සවාරියේ

* තමන්ගේ රටේ ජනතාව අමතක කිරීම කනගාටුවක් බව සඟරුවන-විද්වත්හු-දේශපාලනඥයෝ පවසති
* ජනපති පවුලේ නෑසියන් සමඟ හෙළ සිරිත් පිළිපැද්දා
* ජනපති තරම් ජනතාවට සමීප නායකයෙක් තවත් නැහැ

ජාතික වැදගත්කමින් යුතු සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපන් ගමට ගොස් පවුලේ සාමාජිකයන් ඥාතීන් අසල්වාසීන් සමඟ සමරද්දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව ශ්‍රී ලාංකික ජනතාව අමතක කිරීම කනගාටුවට කරුණක් යැයි භික්ෂූන්වහන්සේ, විද්වත්හු සහ දේශපාලනඥයෝ පවසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව කිරි උතුරවා සිංහල චාරිත්‍ර අකුරට ඉටුකරමින් රටට දුන්නේ මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙක් නොදුන් මහත් ආදර්ශයක් යැයිද ඔවුහු පවසති.

විස්තර»

පොදු රාජ්‍ය මණ්ඩල මුදල් කපා හැරීමේ කැනඩාවේ තීරණය ගැන කනගාටු වෙනවා

පොදු රද මඩුලු මහලේකම් කමලේෂ් ශර්මා

පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත අරමුදල් කපා හැරීමට කැනේඩියානු රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කලකිරීමට පත්වන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අවධාරණය කරයි. එසේ වුවද අදාළ අරමුදල ඉදිරියේ දී නැවත ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විශේෂ ප්‍රකාශයක් කරමින් මහලේකම්වරයා පෙන්වා දෙයි.

විස්තර»

ගාස්තු සංශෝධනයෙන් අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අධිවේගි මාර්ගවල සිදුකළ ගාස්තු සංශෝධනය හේතුවෙන් රුපියල් මිලියන විසි පහක වාර්තාගත ආදායමක් රජය උපයා ඇතැයි මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව් රංජිත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර»

පේරාදෙණිය සරසවියේ සිසුන් 72කට
පන්ති තහනම්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හැත්තෑ දෙදෙනකුට එරෙහිව දින ‍නියමයක් නොමැතිව පන්ති තහනමක් පැනවීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. අවුරුදු සතියට පෙර සතියේ දී විශ්වවිද්‍යාලය තුළ සිදු වු සිද්ධියක් හේතුවෙන් සිසුන්ගේ පන්ති තහනම් කර තිබෙන අතර විනය පරීක්ෂණයක් පවත්වා නිගමනයක් ලබා දෙන තුරු මෙම සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම තහනම් කර තිබේ.

විස්තර»

අවුරුද්දට සූර්වූ රියැදුරෝ 1130ක් පොලිස් දැලේ

මත්පැන් පානය කළ රියැදුරන් අත්අඩංගුවටගැනීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී මේ වනවිට බීමත් රියදුන් 1130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (15) උදේ 6.00 සිට ඊයේ (16) උදේ 6.00 දක්වා පැය 24 ක කාලය තුළ පමණක් බීමත් රියැදුරන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ විශේෂ මෙහෙයුම පසුගිය 10 දින සිට දිවයින පුරාම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

විස්තර»

කොටුවේ ජනාධිපති මන්දිරයේ ඇති කරන ලද මැකෝ වර්ගයට අයත් ගිරවුන් හතර (4) දෙනෙකු ඊයේ (15) දින කූඩුවෙන් ඉගිල ගොස් ඇත. මෙම ගිරවුන් හතරදෙනා අතරින් තිදෙනෙකු රතු සහ කහ මිශ්‍ර වර්ණවලින් යුතු අතර, අතුරුදන් වු අනෙක් ගිරවා නිල් සහ කහ පැහැයෙන් යුතු වේ. මොවුන් පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු ඇතොත් 0777535377 අංකයෙන් මයුර පෙරේරා මහතාට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගණේමුල්ල, කොස්සින්න, යටවත්ත රාජමහා විහාරස්ථානයේ දී ඊයේ (16) සිදුකෙරිණි. යටවත්ත රජමහා විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමියන් උදෑසන 11.16ට යෙදුණු සුබමොහොතින් ජනාධිපතිතුමන්ගේ හිස තෙල් ගෑ අයුරු. බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද මෙහි සිටී.
ඡායාරූපය - සුදත් සිල්වා



 



 


 

හෙළ අවුරුදු අසිරිය ගැන කිරි වෙහෙරට පෙනිලා
කිරි වෙහෙරේ කොත මුදුනින් කිරි උතුරා හැලිලා
අචේතනික වස්තුවකට ඇත නිසි තතු දැනිලා
කිරි අප්පේ සමහරුනට නැත අවුරුදු ලැබිලා