ජාතික සෞඛ්‍ය සතිය අද සිට

ජාතික සෞඛ්‍ය සතිය අද (10) ආරම්භ කෙරේ. අද සිට 16 වැනිදා දක්වා මේ සතිය පැවැත්වේ. මහජන සේවක සබඳතා හා සුපිරිසුදු දිනය වශයෙන් අද දිනය නම් කර ඇත. මෙරට සෞඛ්‍ය සේවාව හා මහජනතාව අතර මෙන්ම . . .

විස්තර»


ආසියානු ක්‍රිකට් ශූරයන්ට ජනපති සුබපතයි

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත කරමින් ආසියානු ක්‍රිකට් කුසලානය දිනාගත් ක්‍රිකට් විරුවන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබපැතුම් එක්කරයි. බංග්ලාදේශයේ මීර්පූර්හි දී පෙරේදා (8) පැවැති . . .

විස්තර»


අපේ රාජ්‍ය සේවකයන් අපට ලොකු ශක්තියක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 පෙබරවාරි 17 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ත්‍රස්තවාදය මෙන්ම සංවර්ධනයත් ජයග්‍රහණයෙන් කෙළවර කරනවා

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පවරමින් ජනපති කියයි

අපේ සංවර්ධනය ජාතීන් ඒකාබද්ධ කරන ක්‍රියාවලියක්

විවේචකයන්ටත් මෙයින් ප්‍රතිලාභ ලැබෙනවා

මේ රටේ සංවර්ධනය අතරමඟ නතර කරන්නට ජනතාව සූදානම් නැහැ

ජනතා හදවත් එකතු කිරීම මාගේ අභිලාශයයි

කුමන ජාත්‍යන්තර බලපෑමක් ආවත් මවුබිම වෙනුවෙන් සේවය කරනවා

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය මෙන්ම රට පුරා අද සිදු කෙරෙන දැවැන්ත සංවර්ධනයත් ජයග්‍රහණයෙන් මිස අනෙකකින් කෙළවර නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. අද රට තුළ සිදු කෙරෙන්නේ සමස්ත ජාතිය ඒකාබද්ධ කෙරෙන සංවර්ධන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උතුර දකුණ ලෙස ජනතාව බෙදා වෙන් කිරීමක් එම සංවර්ධනය තුළ නොමැති බවත් එය සැමටම පොදු සංවර්ධනයක් බවත් ප්‍රකාශ කළේය.

විස්තර»

බස් රථයක් ධාවනය කරමින් ජනපති ඓතිහාසික ගමනක

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පළමු පියවර වන කොට්ටාව - කඩුවෙල අධිවේගී මාර්ගයේ බස් රථයක් ධාවනය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම මාර්ගය පෙරේදා (8) ජනතා අයිතියට පත් කළේය. කොට්ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල පිවිසුම දක්වා බස් රථය ධාවනය කළ ජනාධිපතිවරයා කඩුවෙල පිවිසුමෙන් ටිකට් පතට මුදල් ගෙවා අධිවේගයේ ඵෙතිහාසික ප්‍රථම ගමන නිමා කළේය.

විස්තර»

ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව කල්මුණේ දහස් ගණනින් පෙළපාලියේ

ජනපති රුව අතැතිව එඩිතරම නායකයායි එක හඬින් කියති

එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යේ මානව හිමිකම් කවුන්සිලය විසින් පසුගිය යුද සමය ඉලක්ක කර ගනිමින් ඊනියා මානව හිමිකම් කඩවීම සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කිරීමට නියමිත යෝජනාවට විරුද්ධවත් ජනාධිපතිතුමන්ට සහයෝගය පලකිරීමත් අරමුණු කරගනිමින් සාමකාමී පා ගමනක් කල්මුණ නගර මධ්‍යයේ ඊයේ (9) සිදු කෙරිණි.

විස්තර»

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පෙරේදා (8) පැවැත්විණි. ජාතික කාන්තා දිනය සමරමින් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා සම්මානයක් පිරිනැමූ අයුරු.

ඡායාරූපය - ලලිත් වැලිවිටිගොඩ

එකම පවුලේ තිදෙනෙක් ලක්ෂ 60ක් වටිනා රත්රන් පිටරට ගෙන යන්න හදලා

නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමින් යුත් රත්රන් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු මෙලෙස පෙර්දා (08) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යාමට සිටියදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය.

විස්තර»

 කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙල දක්වා ප්‍රථම අදියර ජනපති අතින් විවෘත වූ මොහොත....

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙල දක්වා ප්‍රථම අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් පෙරේදා (8) විවෘත කෙරිණ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගයේ කඩුවෙල කොතලාවල පිවිසුමේදී ප්‍රවේශ පත්‍රයක් ලබා ගනිමින් ගමන නිමා කළ අයුරු මෙහි දැක්වේ.

ඡායාරූප - සුදත් සිල්වා

 



 


 

සැලකුව හැටි ලොවට ලොව ම දනී ඉරාකයට ලිබියාවට
ඊට පස්සේ අත ගැහුවේ නැඟී සිටින සිරියාවට
අමෙරිකාව එංගලන්තේ ඇම කුමක් ද ඊගාවට
ඔන්න රජෝ බලාගෙනයි අවධානය ලංකාවට